Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 15, 2017

ලංකාවේ ජනතාව සීඝ්‍රයෙන් වයස්ගත වෙලා !

ආසියානු කලාපය ගත් කළ සීග්‍රයෙන් වයස්ගත වන පුද්ගලයින් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ බව අනාවරණ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ වැඩිහිටි හා ආබාධිත අයවලුන් සඳහා වූ අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවසිය.

“ආසියාවෙම ලංකාවේ ජනග්‍රහණය තමයි සීඝ්‍රයෙන්ම වයස්ගත වෙන්නේ. අවුරුදු 60 ට වැඩි ප්‍රතිශතය දැන් එන්න එන්නම වැඩි වෙනවා. ආයු අපේක්ෂාව වැඩි නිසා අවුරුදු 80 ඉක්මවූ ප්‍රතිශතයත් වැඩි වෙනවා.” යයි ඔහු කියා සිටියේය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩි අවධානයක් යොමුකර ඇති බවත්, මෙම දත්ත වාර්තා සමග සෞඛ්‍ය පහසුකම් සැපයීමේ ක්‍රමවේදයේ ද වෙනසක් කිරීමට සිදුවනු ඇති බවත් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.

2050 වර්ෂය වනවිට ලෝකයේ ජීවත් වන වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව බිලියන 1.5 ක් වනු ඇති බවට විශ්වාස කෙරේ. එය සමස්ත ජනගහනයෙන් සියයට 16කි.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top