Jan 16, 2017

රතන හිමි ව්‍යවස්ථා විරෝධී සටන අතට ගනී Featured

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත් කළ කමිටු ඉදිරිපත් කළ වාර්තා මගින් රටේ ඒකීයභාවය අහෝසි කරන යෝජනා ඉදිරිපත් කර ඇති බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

කොළඹ පදනම් ආයතනයේ දී අද (16) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

“මම ඉදිරි කාලයේදී මේ රටේ සියලු විද්වතුන්ට ආරාධනා කරනවා.. ජාතික සභාවක් ඇති කරන්න එන්න කියලා. ඒක විකල්ප පාර්ලිමේන්තුවක් වෙයි කියලා මම හිතනවා. මේ රට යා යුත්තේ කොතනටද කියලා ගමින් ගමට ගිහින් මහජනයා දැනුවත් කරන්න කටයුතු කරනවා.

මට දැන් දේශපාලන පක්ෂයක් නැහැ. මගෙත් එක්ක කවුරුත් තරහා වෙන්න ඕන නැහැ. රටට ආදරය කරන සියලු දෙනා මම එකතු කර ගන්නවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ.. ජනමත විචාරණයකට තුඩුදෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්න. මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේම..විධායකය අහෝසි කරන්නේම..රටේ ඒකීයභාවය අහෝසි කිරීම සඳහායි.

පසුගිය කාලය තුළ බෙදුම්වාදය ගැන කතා කරපු..ත්‍රස්තවාදයට උඩගෙඩි දීපු..ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැයි කියපු..කණ්ඩායමක් විසින් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීමේ වගකීම භාර අරගෙන තියෙන්නෙ.” යයි එහිදී රතන හිමියන් පැවසුහ.

හම්බන්තොට වරාය අනූ නව අවුරුද්දකට බදු දීම සාහසික අපරාධයක් බවත් පළාත් පාලන ඡන්දය කල් දැමීම අනුමත කළ නොහැකි බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.

දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කටයුතු නොකර පාර්ලිමේන්තුවේ ස්වාධිනව සිටිමින් ආණ්ඩුව නිවැරදි මාවතට යොමු කිරීම සඳහා කටයුතු කරන බව අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.


සබැඳි පුවත් :

නව ව්‍යවස්ථාව : ශ්‍රීලනිප ස්ථාවරය ගැන සුමන්තිරන් විමතියෙන්

“සම්පුර්ණ ව්‍යවස්ථා වෙනසකට ජනවරමක් නැහැ” -එස්.බි.


'මෛත්‍රි යළි ජනාධිපති කිරීමේ අවශ්‍යතාවයක් නැහැ' -රාජිත

සිවිල් සමාජය මෛත්‍රීට එරෙහිවන ලකුණු !

'ජනමත විචාරනයකට ජනවරමක් නැහැ - සංශෝධන පමණයි' - එස්.බි.

'මෛත්‍රීව ජනාධිපති අපේක්ෂක ලෙස නම්කර නැ' - චන්ද්‍රිකා

ජනපතිට සදාචාරාත්මක අයිතියක් නෑ' - එජාප

2020 - ජනාධිපති අපේක්ෂක මෛත්‍රී : අගමැති අපේක්ෂක ගෝඨා !!

2020 - ‘ජනපති අපේක්ෂකයා’ හෙළිකරයි

ජනමත විචාරණ නැහැ - මීළඟ ජනපතිවරණයටත් මෛත්‍රී

සිරස 'ගෝඨා' සමඟ ගමින් ගමට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top