Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 17, 2017

මහින්දගේ නුගේගොඩ රැලියට ආණ්ඩුවේ ඇමතිවරුත් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 27 වැනිදා නුගේගොඩ පැවැත්වෙන ඒකාබද්ධ විපක්‌ෂයේ "පෙරළියක ඇරඹුම" ජනරැලියට ආණ්‌ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිහිපදෙනකුද එක්‌වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

එසේ එක්‌වන්නේ කවුරුන්ද? කීදෙනෙක්‌ද? යන්න 27 වැනිදා දැක ගැනීමට හැකිවනු ඇතැයි මාධ්‍යවේදියකු නැගූ පැණයකට පිළිතුරු දෙමින් හෙතෙම කීය.

ආණ්‌ඩුවේ රට බෙදන ව්‍යවස්‌ථාව, පළාත් පාලන මැතිවරණය කල්දැමීම, රාජ්‍ය ආයතන විකිණීම, ජීවන වියදම, හොරකම සහ දේශපාලන දඩයමට එරෙහිව නුගේගොඩින් ලබන 27 වැනිදා ඇරඹෙන "පෙරළියක ඇරඹුම" මහා ජනරැලිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී අලුත්ගමගේ මහතා මෙම හෙළිදරව්ව කළේය.

මෙම මාධ්‍ය හමුවට ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්‌වැල්ල, කාංචන විඡේසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌, ලංකා සමසමාජ පක්‌ෂයේ නායක මහාචාර්ය තිස්‌ස විතාරණ යන මහත්වරුද එක්‌වූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top