nsb

Jan 17, 2017

'රතන හිමිගේ තීන්දුව ගැන අපට ප්‍රශ්නයක් නැහැ' - එජාප

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට පත්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු ගැටලූවක් නොමැති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියි.

ඒ, නෙත් නිව්ස් කල විමසීමකදීය.

කෙසේවුවද ජාතික හෙළ උරුමයේ සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසුයේ, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මේ මොහොතේ අදහස් පළ කළ නොහැකි බවයි. 

ඉදිරියේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය නියෝජනය කළ ද පසුගිය කාලසීමාවේ ද එම පක්ෂයේ කටයුතුවලට සහභාගි නොවිය.

එහෙත් රතන හිමියන් පක්ෂය සමග ගැටලුවක් ඇති කරගෙන නොමැති බව ජාතික හෙළ උරුමය මීට පෙර ද ප්‍රකාශ කළේය.

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිල මහතා පවසන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන් අනෙක් මන්ත්‍රීවරුන් ද ආණ්ඩුවේ සැබෑ තත්ත්වය අවබෝධ කරගත යුතු බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top