Jan 17, 2017

රාජපක්ෂලා ලියාපදිංචි වෙබ් සල්ලිවලට ගන්න යයි Featured

දිනකට 35,000ත් 50,000ත් අතර ග්‍රාහකයන් පිරිසක් සිටින මෙරට ලියාපදිංචි වෙබ් ජාලයක් මිලදී ගැනීමට රාජපක්ෂ පවුලේ අයකු මිලගණන් කතාකර ගෙන ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ වෙබ් අඩවිය වසර ගණනක සිට පවත්වාගෙන එනු ලබන එකක් වන අතර එය සතුව ෆේස්බුක් පිටුවල ලක්ෂ 7කට ආසන්න මනාප ප්‍රමාණයක්ද ඇතැයි පැවසේ.

මේ ගණුදෙනුව රුපියල් ලක්ෂ 670කට තීන්දුවී ඇති අතර ගනුදෙනුව පිටරටකදී සිදුවීමට නියමිත බවටද රාවයක් පවතී.

තවත්, ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයක් රාජපක්ෂවරුන් මිලදී ගැනීමට සූදානම් වන බවද මේ අතර වාර්තා වේ.

රාජපක්ෂ වෙබ් කරණම

ඇප් ඇති වෙබ් අඩවි කිහිපයක් මිලදී ගැනීමට රාජපක්ෂවරුන්ගේ අවධානය යොමුව ඇත්තේ සිය මතය වෙබ් අඩවිහරහා පහසුවෙන් මෙහෙයවිය හැකි බවට වන විශ්වාසය මත බවද පැවසේ.

මේ අතර, දැනට ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පුවත් පත් පවත්වාගෙනයාමට දැඩි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඒවා පවත්වාගෙන යාමට මුදල් යොදවන රාජපක්ෂවාදීන්ටද ඒවායේ කොටස් ආණ්ඩුවට සහය දක්වන ව්‍යාපාරිකයන්ට විකුණා දමා ලියාපදිංචි වෙබ් අඩවි මිලදී ගැනීමට එම මුදල් යොදවන ලෙස උපදෙස් දී ඇති බවද මේ අතර වාර්තා වේ.

ෆේස්බුක්හි දේශපාලනය තහනම්වීම

මේ අතර, ඇමරිකානු හා ධනවාදී රටවල දේශපාලන මත පෙරළියට ෆේස්බුක් දායකත්වය තීව්ර වීම නිසා ඉදිරියේදී ෆේස්බුක් සාමාජ ජාල තුළ දේශපාලන ක්‍රියාකාරකම්වලට තහංචි වැටීමේ ඉඩකඩක් ඇති බවට වන රාවය ද මේ උපක්‍රමයට හේතුවී ඇතැයි පැවසේ.

කෙසේවුවද, ඇප් සහිත ලියාපදිංචි වෙබ් අඩවි මිලදී ගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ ඉදිරියේදී රජය හෝ ෆේස්බුක් වාරණයකට ගියහොත් ඉන් සිය දේශපාලනය ව්‍යාප්තියට එය බාධාවක් නොකර ගැනීමට බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top