nsb

Jan 18, 2017

අගමැති නැති අතරේ ජනපති බරපතල තීන්දුවක් ගනී ! Featured

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්‌විස්‌ටර්ලන්ත සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක්‌ යෝජිත හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්‌ඩලයට උපදෙස්‌ දී ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිවරයා එසේ උපදෙස් දී ඇත්තේ, එම කර්මාන්තශාලාවට ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය සහ ඊට ලබාදුන් සහන ගැන මතුව ඇති ඇතැම් ප්‍රශ්න හේතුවෙන් බව දැනගන්නට ඇත.

මෙම කම්හල ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල් තැබීම පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හොරණ ප්‍රදේශයේදී සිදුකෙරිණි.

මෙම කර්මාන්ත ශාලව සදහා රුපියල් බිලියන 11ක මුදලක් ආයෝජනය කරනු ලබන්නේ නන්දන ජයදේව ලොකුවිතාන නමැති දේශීය ව්‍යාපාරිකයෙකි.

මෙම ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමේ උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර තිබුන ද ඔහු ඊට සහභාගි නොවන බව දැනුම් දී තිබිණ. 

මෛත්‍රීගෙන් රනිල්ට වාරණයක් !
ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී  අගමැතිවරයාට වාරණයක් ද පමුණුවනු ලැබීය. 

ඒ, සංවර්ධන කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලය වෙත පත්‍රිකා ඉදිරිපත් කිරීමේ දී එම ව්‍යාපෘතියට අදාළ විෂය භාර අමාත්‍යවරයා හරහා පමණක් කැබිනට් පත්‍රිකා යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම්දෙමිනි.

ජනාධිපතිවරයා විසින් 2016 නොවැම්බර් මස 07දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල නිරීක්ෂණ යලි සිහිපත් කරමින් මෙම දැනුම් දීම සිදුකර තිබේ.


සබැඳි පුවත් :

මෛත්‍රීගෙන් රනිල්ට වාරණයක් ! 

රාජපක්ෂ 'හිතවාදී' ලොකුවිතාන, රනිල් සරණ ගිහින් !

නන්දන ලොකුවිතානට යහපාලනයෙනුත් ලොකු සැලකිලි

පැනමා පිටු අතරට ගිය මැදවච්චියේ ලොකුවිතාන 

ඩුබායි මැරියන් මගේ නෙමෙයි' -මහින්ද 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top