nsb

Jan 18, 2017

මෛත්‍රීට කැපිල්ලක් - ලංකා ගල්අඟුරු සමාගම විසුරුවා හරී.

ස්විස් සිංගප්පූරු සමාගමට ලබා දුන් ගල්අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් බිලියන 4 කට වඩා වැඩි පාඩුවක් ශ්‍රි ලංකා රජයට සිදුව තිබෙන බව විගණකාධිපතිවරයා විසින්ද තහවුරු කර තිබිය දී,  එම පාඩුව ලංකා ගල්අඟුරු සමාගම මත පටවා අතපිහ ගැනීමට විදුලි බල හා පුනර්ජනණීය ඇමතිවරයා කටයුතු කර ඇතැයි කැෆේ සංවිධානය පවසයි.

මෙම දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ඉහත කී සමාගමට ලබා දිම සඳහා ඇමැති සියඹලාපිටිය මහතා එම අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ මහතා හා ප්‍රසම්පාදක මණ්ඩලය හා තවත් නිලධාරීන් පිරිසක් පසුගිය වසරකට වැඩි කාලයක් මුලුල්ලේ දැඩි වෙහෙසක් ගත් අතර අවසානයේදී ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව නොමඟ යවා සටකපට ලෙස කටයුතු කර ඇතැයි කැෆේ සංවිධානය පෙන්වා දෙයි.


විගනකාධිපතිට බලපෑම් :


මේ සම්බන්ධයෙන් සත්‍ය කරුණු කාරනා හෙළිදරව්ව පැවැතියත් එම ගනු දෙනුව වැලැක්වීම වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් ආණ්ඩුව, විගනකාධිපතිවරයාටද මේ සම්බන්ධයෙන් බලපෑම් කර තිබිණි.

කෙසේ නමුත් විගනකාධිපති වාර්තාවේ ගල්අඟුරු ටෙන්ඩර සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගම විචක්ෂනශිලීව කටයුතු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අදාල වගකිවයුත්තන් විමසා බැලිය යුතු බවටද එක් නිර්දේශයක් ඉදිරිපත් කර තිබිණි.

ඒ දඩමීමා කර ගනිමින් මෙම සමාගම විසුරුවා හැර ගල් අඟුරු වංචාවෙන් බේරී සිටීමට මෙම දූෂිතයන් කටයුතු කර තිබෙන බව පැහැදිලි යයි කැෆේ සංවිධානය වැඩිදුරටත් කියා සිටියි.

ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා ඉවත් කරන බව දැනුම්දෙමින් ඇමතිවරයා නිකුත්කළ ලිපිය පහත පළවේ.


Letter coal1

සභාපති ඉවත්කරන්නැයි බලපෑම් :

මේ අතර,  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් ගල් අගුරු වැඩි මිලට ගෙන්වීම සදහා සිදු කරන ලද ඉල්ලීමට විරෝධය පළ කළ ලංකා ගල් අගුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය  ඉවත් කරන්නැයි අමාත්‍යංශ ලේකම් ද ඊයේ (17) ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කොට තිබිණ.

එම ලිපිය පහත පළවේ.

Amathi01

Amati2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top