nsb

Jan 18, 2017

විමල්ගේ අලුත්ම පොත Featured

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක සහ හිටපු නිවාස ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ දිනවල රිමාන්ඩ් සිර මැදිරියේ සිට පොතක් ලිවීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.
 
ඒ මහතා දිනපතා රාත්‍රී 12.00 පමණ වන තුරු නිදිවරමින් එහි කටයුතු සිදුකරගෙන යන බව පැවසේ.
 
ලැබුණු විවේකයේ තමන් ලියමින් සිටින පොත පිළිබඳ තොරතුරු ඊයේ (17 දා) පෙරවරුවේ විමල් වීරවංශ මහතා බැලීමට කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණි තිරසර සංවර්ධන සහ වනජීවී නියෝජ්‍ය ඇමැතතිනී සුමේදා ජී. ජයසේන මහත්මියට ද මන්ත්‍රීවරයා පවසා ඇත.
 
දැනටමත් එහි පිටු 24 ක්‌ රචනා කර අවසන් බවත් එහිදී සඳහන් කර ඇති විමල් වීරවංශ මහතා සුවිශේෂී කරුණු රැසක්‌ ඇතුළත් වන මෙම ග්‍රන්ථය තමන් බන්ධනාගාරයෙන් නිදහස්‌ව පැමිණි පසු මුද්‍රණය කර ජනගත කරන බවද පවසා තිබේ.
 
විමල්ගේ කලින් පොත
 
විමල් මෑතකදී ද “යුද්ධය නැති රට යහපාලන‍යෙන් ‍දෙකඩ වන හැටි” යනුවෙන් පොතක් ලියුවේය.
 
විමල්ගේ නඩු පොත 
 
ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ හැරගිය පුසව 'නැත්ත වෙනුවට ඇත්ත' නමින් ද පොතක් මුද්‍රණය කර පළ කළේය.
 
කෙසේවුවද, ඉන් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කරන ලදැයි කියමින් වීරවංශ මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ටින් සිල්වා මහතා නඩුවක් ගොනු කළේය.
 
එසේ ගොනු කර ඇති නඩුව 2017 මාර්තු 10 සහ 15 යන දෙදින විභාගයට ගැනීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා නියෝග කර තිබේ.
 
'නැත්ත වෙනුවට ඇත්ත' කෘතියට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට අයත් ලේඛන අනවසරයෙන් ඇතුළත් කර ඇති බව දක්වමින් අදාළ නඩුව ගොනුකර ඇත.
 
ඒ වෙනුවෙන් වගඋත්තරකාර විමල් වීරවංශ මහතාගෙන් රුපියල් කෝටියක මුදලක්  අය කර දෙන ලෙස ඉල්ලමින් අදාළ නඩුව ටිල්වින් සිල්වා මහතා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ පවරා තිබේ.
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top