Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 18, 2017

සිවිල් ගුවන් සේවා මූල්‍ය ලොක්කාගේ ලැප්ටොප් ගේම්එක Featured

සිවිල් ගුවන්සේවා අධිකාරියට අළුතෙන් බඳවාගත් නිලධාරීන් පිරිසක් වෙනුවෙන් යැයි කියමින් හදිසියේම අළුතින් ලැප්ටොප් පරිගණක 35ක් පමණ ලබාගෙන ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙහි මූල්‍ය ගණුදෙනුව සඳහා සෘජුවම හවුල්වී ඇත්තේ එහි මූල්‍ය අංශ ප්‍රධානියා බවද පැවසේ.

මුල්ම මිලගණන් කැඳවීමේදී ජෝන් කීල්ස් ආයතනය විසින් එක් ලැප්ටොප් පරිගණකයකට රු.145,000ක ක ලන්සුවක් තබා ඇති අතර එප්සි නම් ආයතනයක් විසින් රු. 167,000ක ලංසුවක් ලබාදී තිබේ.

කෙසේවුවද, මූල්‍ය අංශ ප්‍රධානියාගේ හිතවත්කම් මත දෙවනවර ලංසු තැබීමේ විශේෂ වරප්‍රසාදයක් ලද එප්සි ආයතනය සිය මිල රු.141,000ක් දක්වා අඩුකර නැවත ලංසුවක් ඉදිරිපත් කර ඇත.

එය එප්සි මුල් අවස්ථාවේ ඉදිරිපත් කළ ලංසුවට වඩා රුපියල් 22,000/-  ක අඩුවීමකි.

පසුව තාක්ෂණික ඇගයීම කමිටුවටද බලපෑම් කරමින් අදාළ ටෙන්ඩරය එප්සි ආයතනය වෙත ලබාදීමට මූල්‍ය අංශ ප්‍රධානියාට කටයුතු කර ඇති බව පැවසේ.

රජයේ සම්ප්‍රදාය අනුව මිලියන 05ක වැඩි විශාල මුදලක් සඳහා කිසිදු හදිසි ටෙන්ඩර් පටිපාටියක් භාවිත කළ නොහැකි වේ.

එය කළ යුත්තේ සාමාන්‍ය ක්‍රමවේදය අනුවය.

මේ ගණුදෙනුවේ ලියකියවිලි ද මේවන විට අතුරුදහන්ව ඇති බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top