nsb

Jan 18, 2017

'සුද්දා තහනම් කරපු සමලිංගිකත්වය දැන් අපේ උරුමය වෙලා' Featured

ලාංකීය දේශපාලනයේ වෙනස් නොවන ව්‍යුහය වන්නේ ආත්මීය භාවය බවත් නිදහසින් පසු කෙතරම් උත්සාහ ගත්තද මේ දේශපාලනය වෙනස් කළ නොහැක්කේ එකී ආත්මීය සාධකය නිසා බවත් HE ද්විමාසික සඟරාවට වසරක් පිරීම නිමිත්තෙන් ''දෙවසරක යහපාලනය සහ හෙට දවස'' යන තේමාව ඔස්සේ පැවැති 'HE FORUM' හිදී අදහස් දැක්වූ 'සත්හඬ' පුවත්පතෙහි කර්තෘ දීප්ති කුමාර ගුණරත්න මහතා පැවසීය.

ඔහු තව දුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසිය.

'' උදාහරණයක් විදියට සමලිංගිකත්වයට ඉඩ දෙන්න කියලා අදහසක් මතුවුණාම අපේ රටේ රාජ්‍ය පාලකයෝ එකට කැමැති නැහැ. සමලිංගිකත්වය තහනම් කරන්නේ සුද්දා. ඊට පස්සේ අපි හිතනවා ඒ තහනම් කළ එක තමයි අපේ සංස්කෘතිය කියලා. සුද්දටත් ඒක ඇතිවුණාම අපි තවදුරටත් හිතනවා මේක තමයි අපේ උරුමය කියලා''

නිදහසින් පසු සෑහෙන කාලයක් ගතවී ඇතත් අපි කොච්චර උත්සාහ ගත්තත් මෙම දේශපාලනය වෙනස් කරන්න තවමත් අසමත් වී ඇත්තේ මේ කියන්නා වූ ආත්මීය ව්‍යුහය නිසා බව දීප්තිකුමාර ගුණරත්න මහතා පැවැසීය.

'HE FORUM' හි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධවූ අතර විද්වත් මණ්ඩලය නියෝජනය කළේ මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය දයාන් ජයතිලක, ආචාර්ය සුරේන් රාඝවන් යන අයයි.

අමාත්‍ය රාජිත සේනාරත්න, නියේජ්‍ය කතානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්, සනත් ගුණතිලක, ඇතුළු ඇතුළු බොහෝ පිරිසක් 'HE FORUM' සඳහා සහභාගිවී සිටියහ.


සබැඳි පුවත්:

සතුන් සමඟ ලිංගිකව එක්වීමට දෙනවදැයි සුජීව විමසලා

'ජනාධිපති සමලිංගිකත්වයට විරුද්ධයි' (වීඩියෝ)

යහපාලනයත් 'වික්ටෝරියානු සදාචාරය' රැකගැනීමේ සටනක !

'GSP+ දීමට පෙර විරෝධතා සඳහා කාලයක්' -අගමැති


'GSP+ ලැබුණේ කිසිදු කොන්දේසියක්‌ නැතුවයි' - මුදල් ඇමැති

GSP+ සහන නැවතත් - මානව හිමිකම් රැකුමට රජය එකඟයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top