Jan 18, 2017

'GSP+ : යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා රජය විසින් සාධාරිත අභිමත යෝජනා ක්‍රමයට ජීඑස්පී ප්ලස් නැවත එක්වීමට ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත්‍රය ඇගයීම සදහා වන එකම නිර්නායකය, අනුප්‍රාප්තීය ශ්‍රී ලංකා රජයන් විසින් අත්සන් කරන ලද ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27 ක්‍රියාත්මක කිරීම පමණක් යැයි යුරෝපා සංගමය නිවේදනයක් මගින් යළිත් අවධාරණය කර සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මෙම ප්‍රඥප්තීන් ජාත්‍යන්තර මානව හිමිකම්, කම්කරු හිමිකම්, පාරිසරික ප්‍රමිතීන් සහ යහපාලනය හා සම්බන්ධය, ජීඑස්පී ප්ලස් සහනයේ ප්‍රතිලාභ ලබාගැනීමට නම් ප්‍රඥප්තීන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජය විසින් ඉදිරි පියවරයන් ගත යුතු අතර, මේවා ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමට සහ අඩුපාඩු විසදාගැනීම සම්බන්ධයෙන් රජය යුරෝපා සංගමය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුය.

පොදුවේ ගත්විය, ගැටුම්වලට හේතුවූ සහ සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතවලට සහ ජීවන තත්ත්වයන්ට ඍණාත්මක ලෙස බලපෑ ඓතිහාසික සහ දිගු කාලයක් තිස්සේ පැවත එන ගැටළු විසදීම සදහා රජය ගෙන ඇති නායකත්වය සදහා යුරෝපා සංගමය සහයෝගය දක්වයි.

නිදසුනක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේදී ශ්‍රී ලංකාව සහ අනුග්‍රහය දැක්වූ යෝජනාව මෙයට ඇතුළත් වෙයි.

රජයේ ජාතික සංහිදියා වැඩසටහන සහ යහපාලන ඉලක්කයන් සදහා ධනාත්මක දායකත්වය දක්වමින් අපගේ සහයෝගය සහ බැදීම සකස් කිරීම සදහා යුරෝපා සංගමය රජය සහ සිවිල් සංවිධාන සමග කටයුතු කරයි.

පසුබිම :

ශ්‍රී ලංකාවේ ගෝලීය අපනයනයන්ගෙන් තුනෙන් එකක් සිදු කරන යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළදපොළ වේ.

2015 දී සමස්ථ ද්විපාර්ශ්වීය වෙළදාම යුරෝ බිලියන 4.7ක් විය. යුරෝපා සංගමයේ තිරසාර සංවර්ධනය සහ යහපාලනය සදහා විශේෂ දිරිමත් කිරීමේ සැකසුම, ජීඑස්පී ප්ලස්, යනු සංවර්රධනය වන රටවල් සදහා අනුග්‍රහ දැක්වීමේ යුරෝපා සංගමයේ ඒකපාර්ශවීය තීරුබදු සහනයයි.

නිදසුනක් ලෙස රෙදිපිලි සහ මත්ස්‍ය නිෂ්පාදන ඇතුළත්වන 66%ක් පමණ වන තීරුබදු අංශ ඇතුළත්වන පුළුල් නිෂ්පාදන පෙලක් සදහා තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් සංවර්ධනය වන රටවලට උපකාර කිරීම සදහාට ජීඑස්පී ප්ලස් යෝජනාක්‍රමය ඇතුළත් කර ඇත.

පළමුව ඉල්ලුම්කරු ආර්ථික උපමානයන් සපුරාලිය යුතුය. එනම්, විවිධාංගීකරඛය නොවූ ආර්ථිකයක් සහිත ආර්ථික ස්ථිවරයකට පත් නොවූ සංවර්ධනය වන රටක් සහ යුරෝපා සංගමයට සිදු කරන අපනයනයන් අඩු මට්ටමක පවතින රටක් විය.

දෙවනුව ජීඑස්පී ප්ලස් සදහා අවශ්‍යතාවයක් වන ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27 ක්‍රියාත්මක කළ යුතුය.

යුරෝපා සංගමයේ අඛණ්ඩව නියාමනය:

ඉල්ලුම් කරන රට, මෙම ප්‍රඥප්තීන් මගින් තහනම් කර ඇති විශේෂ කොන්දේසි සකස් නොකළ යුතු අතර, නියාමන ආයතනයන් විසින් මෑතකදී සිදු කරන ලද නියාමනයන්වලදී මෙම ප්‍රඥප්තීන් ක්‍රියාත්මක කිරීමේ බරපතල අසමත්වීම නිරීක්ෂණය නොකළ යුතුය.

නව ජීඑස්පී ප්ලස් රෙගුලාසි මගින් ජීඑස්පී ප්ලස් ප්‍රතිලාභීන්ගේ පොරොන්දු සහ බැදීම් අඛණ්ඩව නියාමනය කිරීමට අවකාශ සලසා ඇත.

කිසියම් රටකට ජීඑස්පී ප්ලස් සහනය ලබා දුන් පසු එය සිය කැපවීම්වලට අනුකූල වන බව එනම්, ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සනාථ කර ඒවා නිසි ලෙස පවත්වාගෙන යනබව, ඒවා ඵලදායීයව ක්‍රියාත්මක කරන බව, වාර්තා කිරීමේ අවශ්‍යතා සපුරා ඇති බව, ප්‍රඥප්තීන්ට අනුකූලව ක්‍රමානුකූල නියාමනයන්ට එකග වීම, සහ යුරෝපා සංගමය අඛණ්ඩව නියාමනය කළ යුතු වන්නේය.

වර්තමානයේ ජීඑස්පී ප්ලස් ප්‍රතිලාභීන් 08ක් සිටී. ඒවානම්, ආමේනියාව, බොලිවියාව, කේප් වර්ඩේ, කිර්ගිස්ථානය, මොන්ගෝලියාව, පකිස්ථානය, පෙරගුවේ සහ පිලිපීනය එම රටවල් ය.


සබැඳි පුවත්:

'සුද්දා තහනම් කරපු සමලිංගිකත්වය දැන් අපේ උරුමය වෙලා'


සතුන් සමඟ ලිංගිකව එක්වීමට දෙනවදැයි සුජීව විමසලා

'ජනාධිපති සමලිංගිකත්වයට විරුද්ධයි' (වීඩියෝ)

යහපාලනයත් 'වික්ටෝරියානු සදාචාරය' රැකගැනීමේ සටනක !

'GSP+ දීමට පෙර විරෝධතා සඳහා කාලයක්' -අගමැති


'GSP+ ලැබුණේ කිසිදු කොන්දේසියක්‌ නැතුවයි' - මුදල් ඇමැති

GSP+ සහන නැවතත් - මානව හිමිකම් රැකුමට රජය එකඟයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top