Jan 18, 2017

නිශ්ශංකට විදෙස් ගමන් තහනමක් නෑ

ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගම විසින් කෝටි තුනහමාරකට අධික මුදලක් හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට අල්ලසක් ලෙස දුන්නේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව කැදවූ අවස්ථාවේදී එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රදවා ගැනීමට නියෝගක් ලබාදී නොමැති බව වාර්තා වේ.

විනිසුරුවරයා විසින් සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය රදවා ගැනීමට නියෝග කළ බවට මාධ්‍ය වාර්තා ඵල වී ඇත්තේ රෙජිස්ටාර්වරයා අතින් සිදුවූ යතුරු ලියන දෝෂයකින් බව පැවසේ.

පසුව සේනාධිපති මහතාගේ නීතිඥයන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතාට මේ තත්වය පෙන්වා දීමෙන් පසුව සේනාධිපති මහතාගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙස ඔහු නියෝග කර තිබේ.

කෙසේ වුවද හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රානන්දු මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top