nsb

Jan 19, 2017

මේක 'සුළු ජනතාවගේ' ආණ්ඩුවක් - සුරේන් රාඝවන් Featured

වත්මන් ආණ්ඩුව සුළු ජනතාවගේ ආණ්ඩුවක් බව විශ්ව විද්‍යාල කථිකාචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

ආචාර්ය සුරේන් රාඝවන් මහතා එබව සඳහන් කලේ HE ද්විමාසික සඟරාවට වසරක් පිරීම නිමිතිකරගෙන පෙරේදා (17) පැවැති HE FORUM හි විද්වත් මණ්ඩලය නියෝජනය කරමින් සහභාගිවෙමිනි. 

''බොහෝ දෙනෙක්ගේ අදහස වුණේ මේ ආණ්ඩුව සුළු ජාතිකයින්ගේ ආණ්ඩුවක්ය කියන කාරණය. ඔව් මමත් කියනවා මේක සුළු ජාතිකයන්ගේ ආණ්ඩුවක්. නමුත් මෙතනදි සුළු ජාතිකයන් කියන්නේ භාෂාව හෝ ආගම පදනම් කරගෙන නෙමෙයි. 

මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය වෙනුවෙන් පෙනීසිටින සුළු ජනතාවගේ ආණ්ඩුවක්. නමුත් බැඳුම්කර සිද්ධිය වැනි අවස්ථාවකදි ආණ්ඩුව දිගින් දිගටම ඒ  වෙනුවෙන් පෙනී සිටීම නිසා ආණ්ඩුවේ සුජාත භාවය විශාල ලෙස හානියට ලක් වූ බවත් කිවයුතුයි.'' යයි ඔහු කියා සිටියේය.

සිය අදහස් දැක්වීමේ දී 'අප කතාකළ යුත්තේ අභව්‍ය දේශපාලනයක් පිළිබඳ නොවන බව' පෙන්වා දුන් රාඝවන් මහතා, දකුණු ආසියාතික නොහොත් සාක් කලාපීය දේශපාලනයට පුද්ගල සාධකය වඩා වැදගත් බව අවධාරණය කර සිටියේය.

ජනවාරි 8 ලැබූ දේශපාලන වෙනස පිළිබඳව ඔහු මෙසේ විග්‍රහ කළේය.

ශිෂ්ටාචාරයේ පැහැදිලි වෙනසක් :
''දේශපාලනකික දාර්ශනිකයකු වූ චාර්ල්ස් ටේලර් කියනවා අභිධර්මය, දර්ශනය තේරුම් ගන්න උත්සාහ ගන්න පුළුවන්, නමුත් ඒ  හැමදේටම වඩා ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගන්න පහසුයි, මන්ද යත් එය අපිට දෛනිකව දැනෙන නිසා. එනිසා මා හිතනවා ජනවාරි 8 වෙනස කියන්නේ ජනතාව විසින් ඉල්ලාසිටි වෙනසක් කියලා. එතුවක් කල් අපට තිබුණු දේශපාලන ශිෂ්ටාචාරයේ පැහැදිලි වෙනසක් ඇති කළ කාලවකවානුවක් අපි ගතකරමින් සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ දැඩි ජාතික වාදීන් සහ මායිම් ජාතිවාදීන් වැඩි පිරිසක් සිටින පක්ෂයක් බව පැවසූ ආචාර්ය සුරේන් පෙන්වා දුන්නේ ඉදිරියේදී අප අවංකව පිළිතුරු සෙවිය යුත්තේ ''අපි කෙසේ ජීවත් විය යුතුද? '' යන ප්‍රශ්නයට බවයි.

ආඩම්බර විය හැකි තත්ත්වයක් :
''ගතවූ වසර දෙක තුළ දක්ෂිණ ලංකාවේ දේශපාලනය පැහැදිල ලෙස කඳවුරු දෙකකට ඛෙදී තිඛෙනවා. එක් කඳවුරක් නව ලිබරල්වාදය අමු අමුවෙම මේ රටට බස්සන්න උත්සාහ ගන්නවා. අනෙක් කඳවුර ජාතිකවාදය හා මායිම් ජාතිවාදය තමන්ගේ දේශපාලනය ලෙස තෝරාගෙන තිඛෙනවා. මේ කඳවුරු දෙකේම යම් හෝ යහගුණයක් ඇත්නම් ඒවා  එකතු කරගනිමින් අරගලකාරීව යන ගමනක් තමයි අද දක්නට ලැඛෙන්නේ.

මම ඔටෝවා විශ්ව විද්‍යාලයේ උගන්වද්දි මීට මාස තුනකට පමණ පෙර අප විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ විශේෂඥයෙක් ''දකුණු ආසියාවේ දේශපාලනය'' පිළිබඳ පොතක් නිකුත් කළා. ඒ පොතෙහි එක පරිච්ඡේදයක් වුණේ ලංකාව. මෙම උත්සවයට සහභාගි වූ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ දක්ෂිණ ගෝලීය දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෙර දරන රට ලංකාව බවයි. එය අපට ආඩම්බර විය හැකි තත්ත්වයක්''

HE FORUM හි සංවාද මණ්ඩපය මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය දයාන් ජයතිලක, ආචාර්ය සුරේන් රාඝවන් යන අයගෙන් සමන්විත වූ අතර විද්වත් සභාවේ සිටි ආචාර්ය මහාචාර්යවරුන් සේම දේශපාලනඥයන් ද සංවාදමණ්ඩපය පෝෂණය කරන්නට සිය අදහස් එකතු කළහ.

 HE FORUM හි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය.


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top