nsb

Jan 19, 2017

'ආණ්ඩුවට නිවැරදි ආර්ථීක දැක්මක් නැහැ' - සිරිමල් අබේරත්න

ලංකාවට පොහොසත් වන්නට තිබුණු වඩාත් වටිනාම අවස්ථාව පැවති රජය විසින් මගහැර ගත් බවත් වෙනසක් සඳහා ජනතාව පෙළඹවීමට එය හේතු වූ බවත් ආර්ථීක විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි.

පසුගිය 17දා  හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී  පැවැති HE FORUM  හි විද්වත් මණ්ඩලයට සහභාගි වූ මහාචාර්යවරයා තවදුරටත් පැවසුවේ මේ ආණ්ඩුව බලයට පත් වී නිවැරදි ආර්ථීක මගන්මගකට යොමුවෙතැයි තමා තුළ විශාල බලාපොරොත්තුවක් තිබුණත්, පසුගිය අවුරුදු දෙකක කාලය තුළ ආණ්ඩුවට එවැනි වැඩපිළිවෙලක් නොතිබුණු බව ඉතාම පැහැදිලි වූ බවයි.

වංචාව දූෂණය අවම වීම, මර්දනකාරීත්වයන් අඩු වීම වැනි යහපත් තත්ත්වයන් දකින්නට ලැබුණත් ආර්ථීකමය පැත්තෙන් පසුගිය අවුරුදු දෙක තුළ රට මන්දගාමී වූ බව මහාචාර්යවරයා ගේ අදහස විය.

ආර්ථීකය සම්බන්ධයෙන් ලොකු ලොකු අදහස් මතු වුවත් ඒවා ක්‍රියාවට නැංවීමේ දී පැවැති දුර්වලතා නිසා මෙරටට පැමිණි  ආයෝජකයන් පවා නැවත හැරී ගිය බව ද මහාචාර්යවරයා සිය අදහස් දැක්වීමේදී පෙන්වා දුන්නේය.

HE ද්විමාසික සඟරාවට වසරක් පිරීම නිමිත්තෙන් පැවැතිHE FORUM හි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

මෙහිදී මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය දයාන් ජයතිලක, ආචාර්ය සුරේන් රාඝවන් යන අයගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩලයක් විසින් ''දෙවසරක යහපාලනය සහ හෙට දවස'' යන තේමාව ඔස්සේ අදහස් දැක්වන ලදී.

Dayan Jayathilaka 415x260

මෙම අවස්ථාවට සහභාගි වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසුවේ ගෙවුණූ වසර දෙක තමා දකින්නේ එක පියවරක් ඉදිරියට තැබූ සහ පියවර කිහිපයක් ආපස්සට තැබූ වසර දෙකක් ලෙස බවයි.

මෙවැනි ප්‍රතිපත්තිමය සංවාද මණ්ඩපයකට සහභාගි වන්නට තරම් ජනාධිපතිවරයා තුළ ඇති නිහතමානීකම මේ ආණ්ඩුවේ ඉදිරි පියවර ලෙස තමන් දකිනා බව ආචාර්යවරයා පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top