nsb

Jan 19, 2017

'ත්‍රීකුණාමල වරාය ඉන්දියාවට දෙනවා' - ෆොන්සේකා

ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ලබා දෙන බව ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඉන්දියාවේ නිල සංචාරයකට නිරතව සිටින ඔහු ‘ද හින්දු’ පුවත්පතට ඒ සම්බන්ධයෙන් අදහස් පල කර තිබේ.

අදාල ගනුදෙනුව ඉතා ඉක්මනින්ම සිදුවනු ඇතැයිද ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

චීනයට හම්බන්තොට වරාය පැවරීම නිසා ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක වූ බවද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ.

මාෂල්වරු දෙදෙනෙක් අතර හමුවක් :

මේ අතර ඉන්දියානු ගුවන් හමුදාපතිව සිට එයාර් චීෆ් මාෂල් නිළයට පත්වූ අර්ජුන් සිංග් හා ලංකාවේ හමුදාපතිව සිට ෆීල්ඩ් මාෂල් තනතුර පත්වූ සරත් ෆොන්සේකා අතර හමුවක් ඊයේ (17) නව දිල්ලි නුවර දි සිදුවිය.

එයාර් චීෆ් මාෂල් අර්ජුන් සිංග් මහතා 1964- 1969 කාලය අතර තුර ඉන්දියානු ගුවන් හමුදාවේ හමුදාපතිධුරය දරණු ලැබූ අතර ඔහු විසින් සිදුකළ සේවාව ඇගයීම සදහා හා ඔහුට ඒ සදහා වන සුදුසුකම් සපිරීම මත මෙම තනතුර පිරිනමා ඇති බවද සදහන් වේ.

ඉන්දියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ ද්වීපාර්ශවික මහජන සම්බන්ධතා, ආරක්ෂක, ආර්ථික හා මුදල් යන උදෘතයන්ට අදාළව රාජ්‍යයන් 50කගේ සහභාගීත්වයෙන් යුතු සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය සදහා අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මේදිනවල ඉන්දියාවට ගොස් සිටියි.

අදාල හමුවට ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර්වරු කිහිප දෙනෙක් හා ඉන්දියානු හමුදාවේ ප්‍රධානීන් කහිපදෙනෙකු සම්බන්ධ වූ අතර ඇමතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් සේනක ද සිල්වා මහතා අතුළු නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top