Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 20, 2017

'GSP+ දෙන්න කොන්දේසියක් 58ක් දාලා නෑ' Featured

ජී.එස්.පී.ප්ලස් සහනය ලබා ගැනීමට කොන්දේසී 58ක් රජය ඉටු කළ යුතු බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වුවත් එවැනි කිසිම කොන්දේසියක් ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය සමඟ එකඟතාවක් රජය ඇති කරගෙන නැතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙම සහනය ලැබීමට සම්මුතීන් 27 ක් රජය බාර ගත යුතු බවත් එම සම්මුති 27 හැර වෙනත් කිසිම කොන්දේසියක් රජය බාර ගෙන නැති බවත් හෙතෙම ඊයේ (19) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම සම්මුති 27 රජය මේ වන විට බාර ගෙන තිබෙන අතර ඒවා රටේ ක්‍රියත්මක කිරීමට ඒ අනුව රජය බැඳී සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.


විශේෂ අවධානයෙන් :


සම්මුතීන් අත්සන් කිරීමෙන් පමණක් යුරෝපා සංගමය සෑහීමකට පත් නොවන බවද මේ සම්මුතීන් රට තුළ ක්‍රියාත්මක කිරීමේ දේශපාලන උවමනාවක් රජයට තිබෙනවද යන්න ගැන සංගමය විශේෂ අවධානයෙන් පසු වන බවද හෙතෙම සඳහන් කළේය.

මේ සහනය නැවත ලබා ගැනීමට රජයට ලෙහෙසි පහසු කරුණක් වුයේ නැතැයි කී ඒ මහතා, මානව හිමිකම් ආරක්ෂා කරන අතර යහපත් දේශපාලන ක්‍රියාවලියක් රට තුළ ඇති කරන බවට විශ්වාසයක් යුරෝපා සංගමයට ඇති කරන්න සිදු වුයේ යැයි ද කීවේය.

එම විශ්වාසය තහවුරු කිරීමෙන් අනතුරුව යුරෝපා කොමිසම අපට මේ සහනය දෙන්නට තීරණය කළ බවද කීවේය.


ඩොලර් බිලියනක මුදලක් :


මේ සම්මුතීන් අත්සන් කිරීමෙන් පමණක් නොව ක්‍රියාත්මක කර තහවුරු කිරීමෙන් ඉදිරියටත් අපි විශ්වාසය තහවුරු කළ යුතුව ඇතැයිද කීවේය.

මෙම සහනය ලැබු පසුව භාණ්ඩ සියයට 70 ක ප්‍රමාණයක් බදු නැතිව අපනයනය කරන්නට අවස්ථාව ව්‍යාපාරිකයින්ට ලැබෙන බවත් ඇඟලුම් අපනයනයෙන් පමණක් අවුරුදු 2 කදී ඇමරිකානු ඩොලර් බිලියනක මුදලක් රටට ලැබෙන බවත් ඇමැතිවරයා මෙහිදී කියා සිටයේය.


සබැඳි පුවත්


'GSP+ : යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

'GSP+ දීමට පෙර විරෝධතා සඳහා කාලයක්' -අගමැති


'GSP+ ලැබුණේ කිසිදු කොන්දේසියක්‌ නැතුවයි' - මුදල් ඇමැති

GSP+ සහන නැවතත් - මානව හිමිකම් රැකුමට රජය එකඟයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top