Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 20, 2017

සාමාන්‍ය විදුලි බල්බ තහනම් ! – එල් ඊ ඩී බල්බ නොමිලේ !!

විදුලි පාරිභෝගිකයින් සඳහා එල්.ඊ.ඩී. බල්බ නොමිලේ ලබාදීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

විදුලි නාස්තිය අවම කර ගැනීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා කියා සිටියි.

සාමාන්‍ය විදුලි බල්බ තහනම් කිරීම සඳහා ද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව ඔහු පැවසිය.

විදුලි නාස්තිය අවම කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් වී ඇත්තේ පවතින නියගය හේතුවෙන් බලශක්ති ක්ෂේත්‍රයට ඇතිවන බලපෑමට මුහුණදීම සඳහාය.


වීථි පහන් දැල්වීම පැයක් පමා කරයි


මේ අතර, වීථි පහන් දැල්වීම පැයක් පමණ ප්‍රමාද කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ.

නියඟය නිසා බලශක්ති උත්පාදනයට ඇතිවිය හැකි බලපෑමට මුහුණ දීම සඳහා විදුලිය ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම කළ බව අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ මහතා පැවසිය.

හැකි පමණ විදුලිය අවම වශයෙන් වැය වන විදුලි බල්බ භාවිත කරන ලෙස ද ඔහු මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.

ජල විදුලි උත්පාදනය අඩු වුවද විදුලි කප්පාදුවක් සිදු නොකර අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.


(නෙත් නිව්ස්)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top