15976 BM WEB BANNER 01
Jan 21, 2017

''මට කනගාටුයි .. ශ්‍රී ලංකන් මාෆියාව තාමත් තියනවා'' - කබීර් Featured

ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුල මේවනවිටත් එක්‌තරා මාෆියාවක්‌ ක්‍රියාත්මක වන බවත්, ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට නොහැකිවීම ගැන තමා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බවත් විෂය බාර අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ (20) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

වාහනයක්‌ අවභාවිතා කිරීම වැනි ඉතාම අඩු වටිනාකම්වලටත් ඇතැමුන් අත්අඩංගුවට ගෙන තිබෙන මොහොතක එයාර්  බස්‌ ගනුදෙනුවේ මහ පරිමානයේ මූල්‍ය වංචාව ගැන නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමත්, ඒ සම්බන්ධයෙන් තවමත් කිසිවෙක්‌ අත්අඩංගුවට නොගැනීමත් පිළිබඳව මාධ්‍යවේදියකු විමසු අවස්ථාවේදී ඔහු එබව පැවසිය.

එම කාරණය පැහැදිලිකරමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැතිවරයා මෙසේද පැවසිය.


'' මම කනගාටු වෙනව මට ඇමැතිවරයා ලෙස නිසි විදිහට ඒ ප්‍රශ්නවලට ක්‍රියාකරන්න බැරිවෙලා තියනව තවමත්. අපි දින 100 තුළ වැලිඅමුණ වාර්තාවත් නිකුත් කළා. ඒ වාර්තාවේ මුලින්ම චෝදනා කීපයක්‌ කරල තිබුණා. එහි ශ්‍රී ලංකන් එකේ ව්‍යුහය තුළ ප්‍රශ්න කිහිපයක්‌ තියෙනව කියල පෙන්වල දීල තිබුණ. ඒක ඇතුළෙ එක්‌තරා මාෆියාවක්‌ තියෙනවා. ඒ මාෆියාව තවමත් තියෙනව.

ඒක සුද්ද කරන්න ඕන. මම තදින්ම ඉන්නෙ ඒ ස්‌ථාවරයේ. වැලිඅමුණ වාර්තාව ක්‍රියාවට නැංවිය යුතුයි කියල මම හිතනවා.

 එසේම ප්‍රතිව්‍යූහගත කිරීම වෙනකොට කළමනාකරණය සම්පූර්ණයෙන්ම භාර දෙනව අලුත් හවුල්කාර සමාගමට''

ටොප් ටෙන් චෝදනා වලට පිළිතුරක් :


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඒ 350 වර්ගයේ ගුවන් යානා හතරක්‌ මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු නොකළා නම් අදාළ ගිවිසුම් කාලයේදී රු. කෝටි 4320 ක අති විශාල අලාභයක්‌ සිදුවීමට ඉඩ තිබුණ බවද, වත්මන් රජය කළේ එම අති විශාල පාඩුව සිදුවීම වළක්‌වා ගැනීම බවද ඇමැතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

කබීර් හෂීම් ඇමැතිවරයා මේ බව කීවේ ඉකුත් ජනවාරි 18 වැනිදා ඒකාබද්ධ විපක්‍ෂය විසින් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කර තිබු පැමිණිල්ල හා ඊට අදාළ චෝදනාවලට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඒ 350 වර්ගයේ ගුවන් යානා තුනක්‌ මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කිරීමේ ගනුදෙනුවේදී රජයට රු. බිලියන 150 ක මුදලක්‌ රටට අහිමි වූ බවත්,එම ගනුදෙනුව හරහා අගමැතිවරයාට හිතවත් රජයේ ප්‍රබල නිලධාරියකු ඇමරිකානු ඩොලර් මිලියන 10 ක කොමිස්‌ මුදලක්‌ ලබා ගෙන ඇති බවත් ඒකාබද්ධ විපක්‍ෂය චෝදනා කර තිබිණි.

අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ මහතා විසින් අගමැති උපදෙස්‌ පරිදි කටයුතු කරන ලෙස දන්වමින් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා වෙත යවන ලද ඊමේල් පණිවුඩයක පිටපතක්‌ හා කැබිනට්‌ අනුමැතියක්‌ නොගන්නා බවත් නීතිපතිවරයාගේ අනුමැතියත් අනවශ්‍ය බවත් දන්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යවන ලද ලිපි ලේඛන ඇතුළු ඊට අදාළ තවත් ලිපි ලේඛන හයක්‌ද ඒකාබද්ධ විපක්ෂය පැමිණිල්ල සමඟ ඉදිරිපත් කර තිබිණ.


එම ලිපි ලේඛන වලින් කිහිපයක් පහත පළවේ.

සබැඳි පුවත් :

'යහපාලන ටොප් ටෙන්' හයවැන්නෙන් චරිතට චෝදනා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top