nsb

Jan 21, 2017

''මානව හිමිකම් සැලසුමේ කෙටුම්පත දීලා නෑ” - දීපිකා උඩගම Featured

රටේ මානව හිමිකම් රැකීම වෙනුවෙන් සකස් කරන ජාතික සැලසුමේ කෙටුම්පත මේතාක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම වෙත ලබා දී නැතැයි එහි සභාපතිනිය ප්‍රකාශ කර සිටියි.

ඉදිරි හය අවුරුද්ද සඳහා වන “මානව හිමිකම් සුරැකීමේ හා ප්‍රවර්ධනය කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” ට අඩංගු කොටස් කිහිපයක් කොමිසමේ නිරීක්ෂණය සඳහා එවා ඇති මුත්, මේ සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද අවසන් කෙටුම්පත තවමත් දැක නැති බව මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි.

මේ වසරින් හමාර වන වර්තමාන මානව හිමිකම් සැලැස්ම වෙනුවට අලුතින් හඳුන්වා දෙනු ලබන්නේ වඩාත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ක්‍රියාකාරී සැලැස්මක් බව රජය ප්‍රකාශයට පත් කර තිබේ.

කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පළමු කළ යුතුව තිබුනේ එය විමර්ශනය කොට උපදෙස් දීම  සඳහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම වෙත ලබා දීම බව පවසන ආචාර්ය දීපිකා උඩගම මහත්මිය, රාජ්‍ය පාලිත ඩේලි නිව්ස් පුවත්පතට කියා තිබුනේ තමන් එහි පිටපතක් විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවයි.

“රජයේ බොහෝ ප්‍රතිපත්ති සම්බන්ධ කෙටුම්පත් අපට ලැබෙන්නේ නැති නිසා අපිටම ඒවා හොයා ගන්න සිද්ධ වෙලා තියෙනවා,” යි ඇය පවසා තිබේ.


සමලිංගිකත්වය :


සමලිංගිකත්වය අපරාධයක් සේ සලකා දඬුවම් කිරීමට එරෙහිව ගෙන එන යෝජනා ‘සංස්කෘතිය’ පදනම් කොට බැහැර කිරීම ද මානව හිමිකම් කොමසාරිස්වරිය ගේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

ලිංගික බැඳියාව පදනම් කොටගෙන වෙනස්කම් නොකරනු ලැබීමේ අයිතිය ව්‍යවස්ථා ගත කළ යුතු බව අවධාරණය කරන ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසන්නේ, එම යෝජනාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ද ඉදිරිපත් කොට ඇති බවයි.

(radiogagana)

සබැඳි පුවත්:


සමරිසි අයිතිය : ශ්‍රී ලංකා - යූඑන්පී අලුත්ම එකගෙයි ගැටුම (වීඩියෝ)

සංහිඳියාව විෂම ලිංගිකයන්ට පමණද? – භූමි හරේන්ද්‍රන්

'GSP+ : යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

'සුද්දා තහනම් කරපු සමලිංගිකත්වය දැන් අපේ උරුමය වෙලා'

සතුන් සමඟ ලිංගිකව එක්වීමට දෙනවදැයි සුජීව විමසලා

'ජනාධිපති සමලිංගිකත්වයට විරුද්ධයි' (වීඩියෝ)

යහපාලනයත් 'වික්ටෝරියානු සදාචාරය' රැකගැනීමේ සටනක !

'GSP+ දීමට පෙර විරෝධතා සඳහා කාලයක්' -අගමැති


GSP+ සහන නැවතත් - මානව හිමිකම් රැකුමට රජය එකඟයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top