15976 BM WEB BANNER 01
Jan 21, 2017

'ඡන්දයක් පැවැත්වුවොත් ආණ්ඩුව කපෝති' - නිර්මාල්

අද මැතිවරණයක් පැවැත්වුවත් ස්ථිර වශනේම ආණ්ඩුව පරාජය වන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ආණ්ඩුවට කිසිම වැඩක් හරියට කර ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇති බවත් මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් බවත් ඔහු කියා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ (20) පැවති සංවාදයකට එක්වෙමිනි.

ආණ්ඩුවේ ජනප්‍රියතාවය පහල බැස ඇති තත්වයක් යටතේ නව ව්‍යස්ථාවක් සම්මත කරගැනීම සිදු කල නොහැකි බවත් අද ලොතරැයියක් විකුණා ගැනීමට පවා ජනාධිපතිවරයාට මැදිහත්වීමට සිදුව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

සෝභිත හිමියන් පෙරට දැම්මේ ඕනෑම වැඩකට භික්ෂූන් පෙරට දැමීමෙන් ඊට සමාජයේ වැඩි පිළිගැනීමක් ලැබෙන නිසා බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top