15976 BM WEB BANNER 01
Jan 22, 2017

විධායක බලය: 'ජනපති ස්ථාවරයේ වෙනසක් නෑ' - අගමැති Featured

විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන බවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් පවසා නැති බැවින් ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වෙනස් වී ඇතැයි විශ්වාස නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

යුරෝපයෙන් ජීඑස්පී ප්ලස් (GSP+) සහනය ලැබුනත් යුරෝපයෙන් වෙන්වන බ්‍රිතාන්‍යය සමග ශ්‍රී ලංකාව වෙනම වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීමට උත්සාහ දරන බවත් අගමැතිවරයා සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී 'බීබීසී' ය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

බීබීසී සංදේශය යොමු කළ ප්‍රශ්න කිහිපයක් ඩාවෝස් නුවරදී අගමැතිවරයා වෙත ඉදිරිපත් කළේ BBC World නිවේදිකාව විසිනි.

"බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයේ නැත්නම් අපිට ඒ ගැන සාකච්ඡා කරන්න වෙනවා," අගමැතිවරයා පැවසීය.

විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය තුළ වෙළඳාම සහ ආයෝජනය ශක්තිමත් කිරීම පිළිබඳව නවසීලන්තය සමඟ එක්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

හම්බන්තොට විරෝධතා :

පසුගිය පාලනයට එරෙහි බරපතල දූෂණ, වංචා චෝදනා සම්බන්ධ විමර්ශන වෙනුවෙන් පුහුණු පොලිස් නිලධාරීන් නොසිටි බැවින් ඔවුන් විදේශවලට පිටත්කොට පුහුණු කිරීමට සිදු වූ බවත් අගමැතිවරයා පැවසීය.

චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් හම්බන්තොටදී විරෝධතා දියත් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් බවට චෝදනා කරන අගමැතිවරයා, එම උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙන් රාජපක්ෂ ආධාරකරුවන් අතර බෙදීමක් හටගෙන ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

(බීබීසී සංදේශය)


සබැඳි පුවත්

"2020 දී ජනාධිපතිවරණයක් නැහැ"- රාජිත

සිවිල් සමාජය මෛත්‍රීට එරෙහිවන ලකුණු !

'ජනමත විචාරනයකට ජනවරමක් නැහැ - සංශෝධන පමණයි' - එස්.බි.

'මෛත්‍රීව ජනාධිපති අපේක්ෂක ලෙස නම්කර නැ' - චන්ද්‍රිකා

ජනපතිට සදාචාරාත්මක අයිතියක් නෑ' - එජාප

2020 - ජනාධිපති අපේක්ෂක මෛත්‍රී : අගමැති අපේක්ෂක ගෝඨා !!

2020 - ‘ජනපති අපේක්ෂකයා’ හෙළිකරයි

ජනමත විචාරණ නැහැ - මීළඟ ජනපතිවරණයටත් මෛත්‍රී

සිරස 'ගෝඨා' සමඟ ගමින් ගමට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top