nsb

Jan 22, 2017

නව ව්‍යවස්‌ථාව ගෙන්න - සිවිල් සංවිධාන ගොනුවේ

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කඩිනමින් ගෙන එන්නැයි සිවිල් සංවිධාන රැසක්‌ රජයට බලකරමින් කරුණු දක්‌වා සිටිති.

වඩාත් සාධාරණ සමාජ ක්‍රමයක්‌ සඳහා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් ජනතාවට ප්‍රතිලාභ රැසක්‌ හිමිවන බවත් ඒ සඳහා විරුද්ධ පිරිස්‌ ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ජනතාව අතර අනිසි බියක්‌ ඇති කිරීමට උත්සාහ දරන බවත් පෙන්වා දෙන එම සංවිධාන නියෝජිතයන් ඉතිහාසය මඟින් ලබාදී ඇති අවස්‌ථාවේ අප්‍රමාදව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ස්‌ථාපිත කළ යුතුව ඇතැයි කියා සිටිති.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් නීතිය හා සාමය පවත්වාගෙන යැම, අධිකරණ පද්ධතියේ ස්‌වාධීනත්වය හා පළාත් මට්‌ටමින් අභියාචනාධිකරණ පිහිටුවීම, ස්‌වාධීන කොමිෂන් සභා ස්‌ථාපිත කර බල ගැන්වීම ආදී යහපත් සුභවාදී යෝජනා රැසක්‌ අඩංගු වන බවද අනාගතයේදී ඇතිවිය හැකි අර්බුදකාරී වාතාවරණයන් මඟ හැරීමට මේ තුළින් මහඟු පිටිවහලක්‌ ලැබෙන බවද කියා සිටින එම සංවිධාන මේ පිළිබඳව ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද පවසයි.

එහි පළමු පියවර ලෙස රජයේ මැති ඇමතිවරුන් පිරිසක් අද (22) කොළඹට කැඳවා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට සිවිල් සංවිධාන රැසක ප්‍රධානින් කටයුතු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top