nsb

Jan 22, 2017

'ස්වර්ණාය' සිනමා උළෙල අද සිට

ප්‍රවීණ නිලි ස්වර්ණා මල්ලවාරච්චිගේ රංගන ජීවිතයට 50 වසරක් සිපිරීම නිමිත්තෙන් ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට සිනමා උළෙල අද සිට ආරම්භවේ.

අද දිනයේ ප්‍රදර්ශනය වන චිත්‍රපට පහත පරිදි වේ.

උදෑසන 10.30, "භවදුක"

දහවල් 2.30 "භවකර්ම ”

සවස 6.30 "සත්සමුදුර"වශයෙන් ප්‍රදර්ශණය කිරීමට සැළසුම් කර තිබේ.

ආසන සීමිත බැවින් ප්‍රවේශපත් ලබාගත් ප්‍රෙක්ෂකයන්හට කල් වේලා ඇතිව සිනමාහලට පැමිණෙන ලෙසත් ප්‍රවේශපත් ලැබුවන් ඒ වන විට පැමිණ නැති නම් ප්‍රවේශපත් නොමැතිව එන පිරිස්හට එම ආසන ලබා දීමට සිදුවනු ඇති බව එහි සංවිධායක මඩුල්ල දන්වා සිටියි.

මෙම සිනමා උළේල අද සිට 26වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා (තරංගනී) සිනමා ශාලාවේදී පැවැත්වෙයි.

(mirrorarts.lk)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top