Jan 24, 2017

රවී ඉවත් කරනවට අගමැති එරෙහිවේ ! Featured

රවී කරුණානායක මහතා මුදල් ඇමතිකමෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළහොත්, තමා ඊට කිසිඳු ලෙසකින් එකඟ නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමතිවරුන් කිහිප දෙනෙකු හමුවේ අවධාරණය කර ඇතැයි ආණ්ඩුවේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

හිටපු ඇමතිවරයකු වූ ගාමිණි දිසානායක මහතාට හා ලලිත් ඇතුලත්මුදලි මහතාට ද එකල ආණ්ඩුව තුලින්ම මෙවැනි චෝදනා එල්ල වුවද එම චෝදනා පදනම් විරහිත බැවින් ජේ.ආර්. ජයවර්ධන මහතා එම කාරණය එතරම් සැලකිල්ලට නොගත් ආකාරය එම ඇමතිවරුන් වෙත සිහිපත් කර ඇති අගමැතිවරයා, රවී කරුණානායක මහතාගේ දක්ෂතාවයන්ට හා හැකියාවන්ට ආණ්ඩුවේම ඇතැම් පුද්ගලයින් ඉරිසියා කරන බව ද සඳහන් කර තිබේ.

රවි කරුණානායක මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්නයෙන් විශේෂ සාකච්ජාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සිදුවනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

ජනාධිපතිත් ඇඟ බේරාගනී !

එම වාර්තාවන්ට පදනම් වී ඇත්තේ පසුගිය අඟහරුවාදා (17) කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු විශේෂ හමුවකදී එජාප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉදිරිපත් කල යෝජනාවකි.

යහපාලන ආණ්ඩුවට එරෙහිව නැඟී ඇති දූෂණ චෝදනා සමනය කර ගැනීම වෙනුවෙන් බරපතළ ලෙස මූල්‍ය සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධව චෝදනා ලබා සිටින එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකු අදාළ අමාත්‍ය ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බවට එම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට යෝජනා කර තිබිණ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුවත් එජාපය සමඟ තමන් එළඹි ගිවිසුම අනුවත් අමාත්‍යවරුන්ගේ විෂය සම්බන්ධව තීරණය ගැනීම අග්‍රාමාත්‍යවරයා සතු කාර්යක් බවයි.

පාස්කි හා රත්තිගේ මරාල රවී පිටට !

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු පැවසුයේ, ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් ඇමති ලෙස රවී කරුණානායක මහතාට චෝදනා එල්ලවුවද එම චෝදනා වලට අදාළ නියෝග ලබාදී ඇත්තේ අගමැතිවරයාට හිතවත් ප්‍රබල නිලධාරීන් දෙදෙනකු විසින් බවයි.

එසේම පසුගිය වකවානුවේ පැවති සෑම මැතිවරණයකදීම එජාප ප්‍රචාරක කටයුතු සඳහා වැඩිම මුදලක් ලබාදී ඇති
රවී කරුණානායක මහතාට එරෙහිව පුවත් මාධ්‍යවලට ලබාදෙන්නේ අගමැතිවරයාට සමීපතම ව්‍යාපාරික ඇමතිවරයකු විසින් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


සබැඳි පුවත්

‘අරයා’ අයින් කළොත් ආණ්ඩුව ගොඩ - එජාප මන්ත්‍රීවරු කියයි

‘මල්කි පස්කි රත්ති’ මාෆියාවට ඇතුළෙන් කොක්කක් 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top