nsb

Jan 24, 2017

බැඳුම්කර විවාදය : ශ්‍රීලනිපය විරෝධතාවකට සැරසෙයි Featured

කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අද පැවැත්වීමට නියමිත බැඳුම්කර විවාදය කල්දැමීමට තීරණය කළහොත් ඊට එරෙහිවීමට ශ්‍රීලනිපය තීරණය කල බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී පැවසීය.

ඊයේ (23) රාත්‍රී රැස්වූ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම එම තීරණය  ගෙන තිබේ.

ඒ අතර, ඊයේ රාත්‍රී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ද බැඳුම්කර විවාදය කල්දැමීමට තීරණය කළහොත් ඊට එරෙහිවීමට තීන්දු කර තිබේ.

එජාප භික්ෂු සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව පාදක කර ගනිමින් ශ්‍රී  ලංකා මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අද පැවැත්වෙන විවාදය කල් දැමීමට එජාපය සුදානම් වන බවට වාර්තා පළවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top