Jan 24, 2017

යූඑස්එස් හොපර් හි ලංකා සංචාරය අවසන්

ඇමෙරිකානු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමටත් 2016 සැප්තැම්තර් මාවතේ දී යූඑස්එස් හොපර් නැවිකයකුට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාදුන් සහයට ස්තුති කිරීමටත් කොළඹ වරායට පැමිණි යූඑස්එස් හොපර් නෞකාවේ පස්දින සංචාරය අවසන් විය. 
 
“අපේ දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගය ඉන්දු-පැසිෆික් කලාපයේ සාගර සුරක්ෂිතතාව වැඩිදියණු කරන“ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ඇමරිකන් එක්සත් ජනපද තානාපති වන අතුල් කෙෂාප් මහතායි. 
 
අප එක්සත් ජනපද නැවිකයකුගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීමට ශ්‍රී ලංකාව දැක්වූ ක්ෂණික හා මිත්‍රශීලි ප්‍රතිචාරය මේ පිළිබඳ තවත් උදාහරණයක්,” බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
මෙම සංචාරය තුළදී එක්සත් ජනපද නාවිකයන් කණ්ඩායම, ක්‍රීඩා හා සංස්කතතික වැඩසටහන් වලට සහභාගි වූ අතර ඔවුන්ගේ ශ්‍රී ලාංකික සගයන් සමග බේරා ගැනීමේ හා මුහුදේ නැව් පරීක්ෂා කිරීමේ උපායාත්මක පුහුණුවකටද සහභාගි විය.
 
මීට අමතරව, ගාල්ලට ගිය මෙම නාවිකයන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද වාණිජ නියෝජිතයා ලෙස 1850 දී පත් කරන ලද ජෝන් බ්ලැක් හා ඔහුගේ බිරිඳ වූ ඉසෙබෙල් ගේ සොහොන් ඇති සියලු සාන්තවරයන් ගේ සුසාන භූමිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලට සහයෝගය ලබා දී තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top