nsb

Jan 24, 2017

දුක කියා ජනපතිට රැහෙවුන් පෝස්ට් කාඩ් යවයි Featured

පසුගිය පාලන සමයේ ජනමාධ්‍යවේදීන්ට මුහුණ පෑමට සිදුවූ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (ජන.24) ජනාධිපතිවරයාට තැපැල්පත් යැවීමේ ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලසන්ත රුහුණගේ මහතා පවසා තිබුණේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදහන් කිරීම්, පහර දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතනවලට එල්ලවූ ප්‍රහාර, ගිනි තැබීම්, සහ බලපෑම් යනාදි අපරාධ පරික්ෂා කිරීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් මීට වසර දෙකකට පෙර කරන ලද ඉල්ලීම යළි සිහි කැඳවීම සඳහා තැපැල්පත් යැවීමේ ව්‍යාපාරය සංවිධානය කළ බවයි.

වත්මන් ආණ්ඩුව ද මාධ්‍යවේදීන් වෙත විවිධ බලපෑම් එල්ලකරන බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාළ කොමිසම මාර්ගයෙන් එම චෝදනා පිළිබඳවත් සොයා බලන ලෙස ඉල්ලීමක් කරන බවයි.

මේ අතර, පසුගිය දිනක මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමාද කලක් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ බැවින් තමාද මාධ්‍යවේදීන් ගේ රැහේ එකෙකු බවයි.

(මූලාශ්‍රය : බීබීසී සංදේශය)
(ඡායා : අසාම් අමීන් ගේ ට්විටර් ගිණුමෙනි)

JournalistsPost 001 24 01 16

JournalistsPost 002 24 01 16

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top