15976 BM WEB BANNER 01
Jan 24, 2017

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කෑල්ලක් යාපනයට!

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් අනිද්දා (26) පෙ.ව. 10.30 ට යාපනයේදී විවෘත වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයට අනුව, ජනතාවට ලබාදෙන සේවය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ මෙම කොන්සියුලර් කාර්යාලය පිහිටවනු ලබයි.

මෙම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. ස්වාමිනාදන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිසාඩ් බදියුදීන් හා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන්ගේ සහභාගී වනු ඇත.

කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටා ඇති කොන්සියුලර් කාර්යාලයෙන් පමණක් මහජනයාට සැපයූ කොන්සියුලර් සේවා රැසක්, ඉදිරියේදී මෙම ප්‍රාදේශීය කාර්යාලය මගින් සපයනු ඇත. විදේශ රටවලදී භාවිතා කිරීම සඳහා අවශ්‍යවන උප්පැන්න, මරණ හා විවාහ මෙන්ම අධ්‍යාපන සහතික සත්‍යාපනය කිරීම, විදේශ රටවලදී අතරමං වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය සහය ලබාදීම, සංක්‍රමණික සේවකයන්ගේ පවුල්වලට වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ විදේශ රටවලදී මියයන ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ මෙරටට ගෙන්වා ගැනීම ආදී සේවා මෙම ප්‍රාදේශීය කාර්යාලය මගින් සලසනු ඇත.

සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල පෙ.ව. 08.00 සිට ප.ව. 04.15 දක්වා මෙම කාර්යාලය විවෘතව පවතිනු ඇත.

වැඩිදුර විස්තර :

දුරකථන අංකය : 00 94 21 2215970

ෆැක්ස් අංකය : 00 94 21 2215972

විද්‍යුත් තැපැල් ලිපිනය :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top