Jan 25, 2017

රැජිනට ගල දුන් නිමල් පතිරණ අතුරුදහන් Featured

රත්නපුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකුවන නිමල් පතිරණ නොහොත් ගුණරත්න නැමැත්තා අතුරුදහන්ව ඇති බවට කොහුවල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.

පනස්හත් හැවිරිදි නිමල් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අතුරුදහන්ව ඇති බව පැවසේ.

නිමල්ට පවුල් දෙකයි

ඔහු විවාහ දෙකක් කරගෙන සිටින අයෙක් බව පැවසෙන අතර පළමු විවාහයේ පුතුන් තිදෙනෙක් සිටින බවත් දෙවැනි විවාහයේ ඔහුට දියණියන් දෙදෙනෙකු ඇති බවත් වාර්තා වේ.

ඒ මහතා රෝහල්ගතවීමට පෙර සිට ඇත්තේ පොල්හෙන්ගොඩ ප්‍රදේශයේ පිහිටි දෙවැනි විවාහයේ බිරියගේ නිවසේය.

ඔහුව, පසුගිය 20 වැනිදා දෙවැනි විවාහයේ දියණියකගේ ස්වාමියකු විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.

ඔහු පසුගිය 23 වැනිදා අතුරුදහන්ව ඇති බව පළමු විවාහයේ පුතකු විසින් කුරුදුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් පසුව කොහුවල පොලිසියට යොමුකර ඇති බවද වාර්තා වේ.

නිමල් මහතාගේ මුල්ගම වන්නේ රත්නපුර දොඩම්පේ බවද පැවසෙන අතර ඩයනා කුමරිය පැළඳි මුද්දේ නිල් මැණික ලබාදී ඇත්තේද ඒ මහතා බව පැවසේ.

එංගලන්ත රැජින වික්ටෝරියා වේල්ල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ කැරට් 22ක් බරැති එම නිල් මැණික නිමල් මහතා රැජිනට ලබාදී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top