Jan 25, 2017

'විජිත රෝහණට ඒරාෂ්ඨකයක්' -හෙටින් පසු නරකම කාලයක් (වීඩියෝ) Featured

පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක අනාවැකි කිහිපයක් ඉදිරිපත් කරමින් ඒවා සාර්ථක වූවා යැයි පවසමින් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් විජිත රෝහණ නම් 'කණා වැකිකරුවා'ට ජනවාරි 26 සෙනසුරු මාරුවෙන් ඉතා නරකම කාලයක් මෙන්ම ඒරාෂ්ඨක තත්වයක් උදාවන බව එවැනිම 'කණා වැකි'කරුවකු වන ඉන්දික තොටවත්ත නැමැත්තා පවසයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවත්, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ජයගන්න බවත්, ඉන්දියානු අගමැති ලෙස මොදී පත්වන බවත් විජිත රෝහණ නම් 'කණා වැකිකරුවා ඉදිරිපත් කල සාර්ථක වූ අනාවැකි ලෙස අන්තර්ජාලයේ සදහන්ව ඇත.

ජනවාරි 26 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජිවිතයට ප්‍රභල තර්ජනයක් ඇති බවත් එයින් බේරීමට එතුමාට නොහැකි බවත් මිට වසරකට පමණ ඉහතදී ඔහු විසින් දිගින් දිගට අවධාරණය කරමින් අන්තර් ජාලය හරහා මාධ්‍ය සංදර්ශනයක් දියත් කළේය.

එය එසේ සිදු නොවුනහොත්සේ මින් ඉදිරියට අනාවැකි කිවීම මෙන්ම සියලු ජෝතිෂ්‍යය කටයුතු වලින් බැහැර වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ග්‍රහයාගේ වක්‍ර වීමක්:

කෙසේවෙතත් 2017 ජනවාරි 18 වනදා ඔහු විසින් ආදාල අනාවැකිය වෙනස් කරන්නේ අප්‍රේල් මාසයේදී සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර වීමක් සිදු වන බැවින් අදාල අනතුර මාස 10කින් කල්ගිය බවයි.

එහිදීද ඔහු සදහන් කරන්නේ එය සනාථ නොවුනහොත් ඔහු අනාවැකි කීමෙන් පමණක් ඔහු ඉවත් වන බවයි. ඒ අනුව පෙර අවස්ථාවට වඩා දෙවන අනාවැකියේ ඔහුට තිබෙන්නේ අවිශ්වාසයකි.

සිරගත වීමට හෝ රෝහල් ගත වීමට :

2015 ජනවාරි 8 ජනාධිපතිවරණය මෛත්‍රිපාල සිරිසේන මහතා ස්ථිරව ජය ගන්නා බව කියූ ඉන්දික තොටවත්ත නැමැත්තා පසුගියදා විජිත රෝහණගේ ජන්ම පත්‍රය පරික්ෂා කරමින්, 2017 ජනවාරි 19 වනදා වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හරිමින් විජිත රෝහණගේ අනාගතය පිළිබද 'අනාවැකියක්' ඉදිරිපත් කර ඇත.

ජනාධිපතිවරයාට කෙසේ වෙතත් ජනවාරි 26 සෙනසුරු මාරුවෙන්, විජිත රෝහණට ඉතා නරකම කාලයක් මෙන්ම ඒරාෂ්ඨක තත්වයක් උදා වී ඇති බව ඔහු එමගින් කියා සිටියි.

වසර 29කට පසු විජිත රෝහණගේ ජිවිතයේ අදුරුතම යුගය ජනවාරි 26න් පසුව ඇති වන බවත් සමාජයේ අපකීර්තිමත් පුද්ගලයෙක් වනවා වගේම නිසැක වශයෙන්ම සිරගත වීමට හෝ රෝහල් ගත වීමට නිසැකවම ජනවාරි 26ත් මාර්තු මස අග කාල සීමාව තුල ස්ථිර වශයෙන්ම සිදු වන බවත් එම වීඩියෝ පටය මගින් අනතුරු අඟවා තිබේ.


සබැඳි පුවත්

සෙනසුරුත් එක්කම විජිත රෝහණත් වක්‍ර වෙයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top