nsb

Jan 25, 2017

"ටයර් කම්හලේ හිමිකරු ගැන අගමැති දැන සිටියේ නැ" -රාජිත Featured

හොරණ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද (ජන.25) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම ව්‍යාපෘතියට ආයෝජනය කළේ කවුරුන් දැයි යන්න අගමැතිවරයා විසින් දැන ගනු ලැබුවේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබූ දින උදෑසන බවය.

කර්මාන්ත ශාලාව ඉදි කිරීමට සැලසුම් කළ භූමිය අක්කරයක් රුපියල් සියයක් වැනි මුදලකට ලබාදීමට ගෙන තිබූ තීන්දුව දැඩි ලෙස විවේචනය කළ රාජිත සේනාරත්න ඇමතිවරයා එසේ ඉඩම් ලබාදීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය.

අදාළ ඉඩම ලබා දීම සම්බන්ධයෙන් නැවත සාකච්ඡා සිදු කිරීමට නියමිත බව කී ඇමතිවරයා කිසිවිටකත් අක්කරයක් රුපියල් සියයකට ලබා නොදෙන බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඇමතිවරුන් වගකිවයුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසූ නමුත් ඔහු එම ඇමතිවරුන්ගේ නම් සඳහන් නොකළේය.

කෙරුමන් සල්ලිවලට අරං ?

මෙම ටයර් කම්හලේ ඉඳිකිරීම් තාවකාලිකව නවතා දැමීමට ජනාධිපතිවරයා නියෝග කලේ මෙම ව්‍යාපෘතියට අනුමැතිය දීමේදී බරපතළ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට වාර්තාව වීම හේතුවෙනි.

ඊට අදාළ සාක්ෂි ඇතුළත් පැමිණිලි කිහිපයක්ම මේ වන විට ජනාධිපතිවරයා වෙත ලැබී ඇතැයි වාර්තාවේ.

එම ලැබී ඇති පැමිණිලිවලට අනුව රාජපක්ෂ රෙජීමයේ කළු සල්ලි සුදු කිරීමේ කටයුත්තේ නියුතු බවට බරපතළ චෝදනා ලබා සිටි කුප්‍රකට ව්‍යාපාරික නන්දන ලොකුවිතානට අයත් මෙම ටයර් කර්මාන්තශාලාව සඳහා බදු සහන ලබා දීමේ දී අත යට ගනුදෙනුවක් සිදුව ඇති අතර වත්මන් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබලයන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා ද නොමඟ යවා මෙහි දී කටයුතු කර ඇති බවත් හෙළිව ඇත.

සබැඳි පුවත් :


මහින්දගේ නන්දන ආණ්ඩුවේ කෙරුමන් සල්ලිවලට අරං!

අගමැති නැති අතරේ ජනපති බරපතල තීන්දුවක් ගනී !

රාජපක්ෂ 'හිතවාදී' ලොකුවිතාන, රනිල් සරණ ගිහින් !

නන්දන ලොකුවිතානට යහපාලනයෙනුත් ලොකු සැලකිලි

පැනමා පිටු අතරට ගිය මැදවච්චියේ ලොකුවිතාන

ඩුබායි මැරියන් මගේ නෙමෙයි' -මහින්ද 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top