Jan 26, 2017

ඇමතිකමෙන් ඉවත්වූ ප්‍රියංකරට චෝදනා පිට චෝදනා !

පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව මේ වනවිට රජයේ මුල්‍ය අවභාවිතව සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් එල්ලවී ඇති අතර, පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් ඊට අදාළ චෝදනා ගොනුකරමින් සිටියි.

Priyankara doughterසිය දියණියට ගුවන්සේවා අධිකාරියෙන් වැටුප් ලබාදීම, වාහන අව භාවිතය, ඉන්ධන, වෙසක් කාඩ් මුද්‍රණය, උත්සව සඳහා බස් රථ ලබාගැනීම සහ නාස්තිකාර ගුවන්සේවා ප්‍රවර්ධන වැඩසටහන් ඔහුට එරෙහිව ඇති චෝදනාවලින් කිහිපයකි.

මේ සියල්ල ඔහු සිවිල් ගුවන්සේවා අමාත්‍ය ධූරය දරන වකවානුවේ සම්බන්ධවූ කටයුතුය.


ජීවිත තර්ජන වලට බියෙන් :


නමුත් මේ සඳහා හේතු දක්වන සිවිල් ගුවන්සේවා අධිකාරියේ ප්‍රකාශ කොට ඇත්තේ මේ කිසිදු කරුණකට ගුවන්සේවා අධිකාරිය වග නොකියන බවත් ඒවා හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද ජීවිත තර්ජන වලට බියෙන් සිදුකරන ලද කටයුතු බවත්ය.

නව අමාත්‍යවරයා පත්වූ විගස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා, විගණන අධිකාරී රොෂාන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු ඉහළ පෙළේ විගණන නිලධාරීන් රැසක් සම්බන්ධ වූ විගණන කමිටු රැස්වීමේදී සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා,  ‘ඔබතුමාලා දන්නේ නෑනේ ඒ කාලේ අපිට තිබුණු තර්ජන නිසා හිටපු පීඩනය‘  යයි පවසා ඇත.

එහිදී සිවිල් ගුවන්සේවා අධිකාරියේ මූල්‍ය ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහු හිටපු අමාත්‍යවරයාගේ තර්ජන හේතුවෙන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ මතු ආරක්ෂාව උදෙසා පැමිණිල්ලක්ද සටහන් කළ බවකි.


සියලු වැරදි ඇමති පිටට :

මේ අයුරින් ගුවන්සේවා අධිකාරියේ ඉහළ නිලධාරීන් සියලු දෙනා හිටපු අමාත්‍යවරයාට එරෙහිව කඳවුරු බැඳ ඔහුගේ පිටම සියලු වරද පැටවීමට දැඩි උත්සාහයක නිරත වන බවද වාර්තා වේ.

නමුත් අමාත්‍යවරයාගේ පාර්ශවය පවසන්නේ හිටපු අමාත්‍යවරයා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සාමාන්‍ය පරිදි නියමිත ක්‍රමවේදයන් භාවිත කරමින් ඉල්ලීම් සිදුකර ඇති බවත් එකී අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු සෘණාත්මක කරුණු දැක්වීමකින් තොරව සියලු ඉල්ලීම් ඉතා ඉක්මනින් ඉටුකර දුන් බවයි.

අමාත්‍යවරයාගේ ඉල්ලීම් වල යම් ගැටළුවක් වුණි නම් ඒවා රාජ්‍ය නිලධාරියා විසින් පැහැදිලිකර කරුණු දැක්විය යුතු බවත් එසේ කිසිදු කරුණු දැක්වීමකින් තොරව සියලු ඉල්ලීම් ලබාදුන් බැවින් මේ සඳහා ගුවන්සේවා අධිකාරිය සෘජුවම වගකිව යුතු බවත්ය.

තර්ජනාත්මක දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා පවසා ඇත්තේ එසේ තමා තර්ජනය කොට ඇත්නම් අදාළ දුරකථන සංවාද ඉදිරිපත් කරන ලෙසයි.


සබැඳි පුවත් :

මහින්දගේ රැලියට ප්‍රියංකර ගියොත් දුව හිරේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top