nsb

Jan 26, 2017

"සමලිංගික - ගණිකා යෝජනා විසි කළේ මමයි" (වීඩියෝ )

සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවට ආ යෝජනාව ඉවත දැමුවේ තමන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ ඊයේ (ජන.25) පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අද කොළඹ අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

සමලිංගික විවාහ මෙන්ම ගණිකා වෘත්තියද නිතිගත කිරීමට වරින්වර යෝජනා ඉදිරිපත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කළේය.

 “සමලිංගික කතාව කැබිනට් එකට ගෙනාවා..මම තමයි විසි කළේ. ඒ එක්කම ඔය පත්‍රිකාවල ආවා..ගණිකා වෘත්තිය ගැනත්.. නීතිගත කරන්න කියලා. මම තමයි ඒකත් විසි කළේ. මම මගේ වැඩේ හරියට කරනවා, අපේ හාමුදුරුවනේ..” යයි ජනාධිපතිවරයා පැවසිය.

 උපරිම දඬුවම් ලබා දීමට :


හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයෙන් ඉවත් කිරීම සහ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් පළ කළේය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළේ විනිවිද භාවයෙන් සහ කඩිනමින් වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට විනා සොරුන් රැකීමට නොවන බවත්, නියම වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට තමා කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කළේය.

බැඳුම්කර සිද්ධියේ සියලු විමර්ශන කටයුතු මේ කොමිසමෙන් සිදු කළ හැකි බවත් එමඟින් ජනතාවගේ සිත්වල ඇතිවී තිබෙන කුකුස ඉවත් කිරීමට හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයා පැවැසීය.

වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහා හොරකමක් :


ජනාධිපතිවරයා එම කාරණා සඳහන් කලේ උත්සව සභාව ඇමතු බෙල්ලන්විල රජමහා විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල විමරතන නායක හිමියන්ගේ අනුශාසනාවේ දී බැඳුම්කර සිද්ධිය සම්බන්ධව කල කරුණු දැක්වීමකින් අනතුරුවය.

බැදුම්කර මගඩිය යනු මහා හොරකමක් බවත් විවිද කොමිෂන් පත් කර එය යට ගහන්න හදන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇති බවත් උන්වහන්සේ පැවසුහ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා, ගෙවීගිය දෙවසරක කාලයක් තුළ ඇතිවූ සිදුවීම්වලට පිළිතුරු සෙවීමෙන් පසු ඊට පෙර වසර හත අටක සිදුවූ වංචා, දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් ද සොයා බැලීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තවත් ජනාධිපති කොමිසමක් පත් කරන බව ද පැවැසීය.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ධූරයෙන් ඉවත් කළේ තමා බවත් එසේම ලෝකය පිළිගන්නා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම තනතුරට පත් කර ගත්තේද, නියමිත ලෙස කටයුතු කරන විගණකාධිපතිවරයා පත් කර ගත්තේද තමා බව ජනාධිපතිවරයා කියා සිටියේය.


සබැඳි පුවත් :

සමලිංගිකත්වයෙන් බේරාගන්න හදන මේ අහිංසක ගැමියා කවුද?

සමරිසි අයිතිය : ශ්‍රී ලංකා - යූඑන්පී අලුත්ම එකගෙයි ගැටුම (වීඩියෝ)

'සුද්දා තහනම් කරපු සමලිංගිකත්වය දැන් අපේ උරුමය වෙලා'

සතුන් සමඟ ලිංගිකව එක්වීමට දෙනවදැයි සුජීව විමසලා

'ජනාධිපති සමලිංගිකත්වයට විරුද්ධයි' (වීඩියෝ)

යහපාලනයත් 'වික්ටෝරියානු සදාචාරය' රැකගැනීමේ සටනක !

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top