Jan 26, 2017

චණ්ඩි දේවගෙදරගේ වාහන අවභාවිතය Featured

කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා විසින් සිදුකරනු ලබන වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහු විසින් වාහන 4ක් මෙලෙස අවභාවිතා කර ඇති බව එම ආරංචි මාර්ගවලින් හෙළිවේ.

කුඩා තේවතු සංවර්ධන අධිකාරියට අයත් PC - 3476 දරණ මෝටර් රථය මේවන විට භාවිත කරනුලබන්නේ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ලක්ෂමන් කුමාර විසින් බවද වාර්තා වේ.

එසේම 58 - 8987 දරණ මෝටර් රථය භාවිතා කරනු ලබන්නේ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන නුවන් විජේසිංහ නැමැත්තෙකි.

කුඩා තේවතු සංවර්ධන අධිකාරියට අයත් අදාළ මෝටර් රථ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයකු හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකුට ලබාදීම වාහන අවභාවිතයකි.

මේ අතර 65 - 5816 දරණ තවත් ඉසුසු කූපර් වර්ගයට අයත් මෝටර් රථය ද 52 -2605 දරණ කැබ් රථයද මේවන විට ඇත්තේ නාවලපිටියේ ඔටෝකෙයාර් ගරාජයේය.

අදාළ මොටර් රථ නාවලපිටියට රැගෙන ගොස් ඇත්තේ බත්තරමුල්ලේ එම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සිට ඇදගෙන ගොස් බව පැවසේ.

මීට පෙර එම අධිකාරියේ මෝටර් රථ අලුත් වැඩියා කර ඇත්තේ බත්තරමුල්ලේ පිහිටි ගරාජයකින් බවද වාර්තා වේ.

දේවගෙදර යූනියන් ලීඩර්ට තඩිබෑම

මීට පෙර තම බිරියට පෙත්සමක් යැවූ බව කියමින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ජාතික සේවක සංගමයේ සභාපති ඩබ්ලිව්.වී.එස්. සූරසිංහ මහතාව සිය කාර්යාල කාමරයට ගෙන්වාගෙන සෙසු උසස් නිලධාරීන් ඉදිරියේ පහරදී තිබූ අතර එම සිද්ධිය සම්බ්නධයෙන් සූරසිංහ මහතා තලංගම පොලිසියට කළ පැමිණිල්ල මෙතෙක් විභාගකර නොමැති බවද පැවසේ.

අදාළ පැමිණිල්ල සූරසිංහ මහතා සිදුකර ඇත්තේ ඉකුත් 17 වැනිදා වන අතර මේවන විට අදාළ පැමිණිල්ල සිදුකර දින 09ක් ගතව තිබේ.

මේ සිද්ධිය වූ අවස්ථාවේ පටිගතකරන ලද හඬ පටයක් අප මීට පෙර ප්‍රචාරය කළ අතර අදාළ හඬපටයට පහතින් සවන්දිය හැකිය.



සබැඳි පුවත්
සභාපතිගෙ අනියම් ඒවා බිරියට ලියුවයි යූනියන් ලීඩර්ට තඩිබාලා (හඬපටය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top