nsb

Jan 26, 2017

බෝපගේ, කලංසූරියගේ හුළං බස්සයි ! Featured

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් රංග කලංසූරිය මහතා ඊයේ (26) රාත්‍රියේ සිරස ප්‍රවෘත්තියක් අභියෝගයට ලක් කරමින් නිකුත් කළ නිවේදනය පිළිබඳව පරීක්ෂණයක් කරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා පවසයි.

බෝපගේ මහතා මේ බව පවසා ඇත්තේ අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය විසින් කළ විමසීමකදීය

මෙම නිවේදනය පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස තමන් දැනුවත් නොකළ බවද ඔහු එහිදී පවසා ඇති අතර මෙම ප්‍රවෘත්තියට ඇතුළත් අදහස් නිවේදනය නිකුත් කළ පුද්ගලයාගේ පෞද්ගලික අදහස් බව ද පවසා තිබේ.

බෝපගේ මහතා සිරස රූපවාහිනිය කළ විමසීමේදී මෙසේ පවසා තිබිණි.

"මෙවැනි කාරණයකදී සාමාන්‍යයෙන් වෙන්න ඕනේ අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත්ම තමයි මෙවැනි නිවේදනයන් නිකුත් කරන්න ඕනේ . ඒ සම්බන්ධයෙන් ලේකම්වරයා ගන්නා තීන්දුවත් එක්ක තමයි මේ වගේ කාරණයක් සාමාන්‍යයෙන් කරන්නේ හැබැයි මේ කාරණයේදී මගේ කිසිම දැනුවත් බාවයක් නැහැ. මේ නිකුත් කරන නිලධාරියාගේ පෞද්ගලික මතයක් මිසක් මේක ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිල මතයක් වෙන්නේ නැහැ. මොකද මෙවැනි කාරණා සම්බන්ධයෙන් මී ට පෙරත් ගැටලු මතු වුණා එවැනි නිවේදන නිකුත් කරලා පස්සේ ඒක ඉවත් කරගන්නවා කියලා . ඒක නිසා මං හිතනවා මෙවැනි කාරණයකදී මට විශේෂ වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂ්‍ණයක් පවත්වන්න වහාම මේ සම්බන්ධයෙන් හොයලා බලනවා .ඒ නිවේදනය කුමක්ද කියලා . ඒ සම්බන්ධයෙන් ඇත්තටම ඔබට කිසියම් අපහසුතාවයකට පත්වුනානනම් මං කණගාටු වෙනවා . මොකද ජනමාධ්‍ය වි‍ෂය භාර අමාත්‍යවරයාගේ ලේකම්වරයා විදිහට මට විශාල වගකීමක් තියෙනවා ජනමාධ්‍ය ආයතන සම්බන්ධයෙන් මෙවැනි පදනම් විරහිත කිසියම් හෝ නිවේදනයක් නිකුත් කලොත් ඒ සම්බන්යෙන් පෙනී සිටින්න .ඒ නිසා ඉදිරියේදී මම මේ සම්බන්ධයෙන් හොයලා බලලා කටයුතු කරන්නන මම පොරොන්දු වෙනවා . අමාත්‍යංශ ලේකම්රවයා හැටියට මට තමයි ඒ බලය තියෙන්නේ . මීට කලිනුත් මම දන්නවා මෙවැනි බොහෝ මාධ්‍ය‍වේදීන් සහ ආයතන ගණනාවක් මගෙන් ප්‍රශ්ණ කළා ලේකම්වරයා වෙනුවෙට රජයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා කියන නමින් ලියවිල්ලක් නිකුත් කරලා තියෙනවායි එවැනි කිසිම දෙයක් සම්බන්ධයෙන් මා දැනුවත් නැහැ ඒ නිසා මා මේ සම්බන්ධයෙන් හොයලා බලන්නවා මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු‍ව වෙනුවෙනුත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හැටියට මම ඔබට පොරොන්දු වෙනවා. මේ සම්බන්යෙන් වහාම හොයලා බලලා අවශ්‍ය පියවර ගන්න”


මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතා රජයේ තනතුරක් දරන්නේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කරමින් සිරස වාර්තා කළ ප්‍රවෘත්තියට අදාළව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයක් පදනම්කර ගෙන ස්වාධීන රූපවාහිනිය  ද ඊයේ පුවතක් පළකර තිබිණි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top