Jan 27, 2017

ඉන්දීය ඇමති පුතාට සරත් පතිරණගෙන් කෝටි ගාණනක පොල්ලක් Featured

ඉන්දියාවේ පොන්ඩිචෙරි යූනියන් ටෙරිටරි (Union territory) යේ සෞඛ්‍ය අමාත්‍ය මල්ලඩි ක්‍රිෂ්නා රාඕ (MALLADI KRISHNA RAO) මහතා අධ්‍යාපන අමාත්‍යංශයට හා ලංකා සළුසලට එරෙහිව නඩු දැමීමට නීති උපදෙස් ගැනීමට ලංකාවට පැමිණ සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
 
ඔහු මෙසේ ලංකා සළුසලට හා අධ්‍යාපන අමාත්‍යංශයට එරෙහිව නඩු පැවරීමට සැරසෙන්නේ ඔහුගේ පුත් නගුලේෂ්වරන් රාඕ මහතාගේ ආයතනයක් සමඟ පාසල් නිල ඇඳුම් රෙදි මිලදී ගන්නා බවට ගිවිසුමකට එකඟව පසුව එය කඩ කිරීම හේතුවෙනි.
 
නගුලේෂ්වරන් මහතාගේ ශ්‍රී ලාංකික ඒජන්තවරයා ලෙස කටයුතු කර ඇත්තේ සරත් පතිරණ නැමැති ව්‍යාපාරිකයෙක් බව පැවසේ.
 
ඔහු විසින් හොර බිල් යොදා නගුලේෂ්වරන්ගේ රෙදි වෙනුවට වෙනත් පාසල් නිල ඇදුම් රෙදි පාසල්වලට ලබාදී ඇති බවද පැවසේ.
 
ලේකම්ලා දෙකක් වංඡාවට සම්බන්ධයි
 
මේ වංඡාවට ලේකම්ලා දෙදෙනෙකු සම්බන්ධ බවට ද මේ වෙන විට ශ්‍රී ලංකා මිරර් වෙත තොරතුරු ලැබී ඇති අතර ඉදිරියේදී ඔවුන් පිළිබඳ තොරතුරු අපි හෙළිකරන්නෙමු.
 
සුදු රෙදි ඇමති දුවගේ ග්ලෝබල් පාර්ක් එකේ
 
නගුලේෂ්වරන් විසින් ලංකාවට එවන ලද පාසල් නිල ඇඳුම් රෙදි මීටර් මිලියන දෙකක් පුස්කමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණියට අයත් බව කියන ග්ලෝබල් පාර්ක් ගුදමේ (warehouse) ඇතැයිද වාර්තා වේ.
 
තවත් තොගයක් වරායේ ගබඩා කර ඇති බවද පැවසේ.
 
ගුරුසංගම් පැමිණිල්ලට මොකද වුණේ 
 
ලංකා සළුසල නමින් සරත් පතිරණ නමැති පුද්ගලයෙකු නිල ඇඳුම් රෙදි ව්‍යාපාරයක නියැලෙන බව ලංකා ගුරු සංගමය 2016.11.24 දිනැතිව ගරු ජනාධිපතිවරයාට ද, විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ද පැමිණිලි කොට තිබිණි.
 
කෙසේවුවද, ඒ පැමිණිලි සඳහාද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වේ.
 
ශ්‍රී ලංකා මිරර් මීට පෙරද "විලාසිනීලා, සරත්ලා සුදුරෙදි හොකමේ යන්නේ ලේකම්ලා නොදැනද ?” යන ශීර්ෂය යටතේ මේ හොරකම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් හෙළිදරව්වක් කළද ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හෝ අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණකි.
 
සබැඳි පුවත්
විලාසිනීලා, සරත්ලා සුදුරෙදි හොකමේ යන්නේ ලේකම්ලා නොදැනද ?

 
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top