Jan 27, 2017

ඇමති අලගියවන්නගේ ලැජ්ජනැති වැඩ හා බණ්ඩාරනායක කෙනිහිලිකම් Featured

කඩවත ඇල්දෙනිය බණ්ඩාරනායක මාවතේ සිට කුඹුරුවලට මායිම්ව රන්මුතුගල  ගම්මානය දක්වා ඇති මාර්ගයේ කොටසක් මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහයෙන් ඔහුගේ ආධාරකරුවකු වන ජයන්ත ප්‍රේමලාල් කුමාර නැමැති අය අල්ලාගෙන "සුව උයන" නම් රජයේ ව්‍යාපෘතියකට ලබාදී ඇතැයි වාර්තා වේ.

අඩි 12ක මාර්ගය මෙසේ අල්ලාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා අතුරු තහනම් නියෝගයක් ලබාගෙන තිබියදී ඇමති හයිකාර කමින් මෙය සිදුකර ඇති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මහර අත්රේක මහේස්ත්‍රාත්වරිය වන තනුජා ජයතුංග මහත්මිය විසින් “ඇල්දෙණිය බණ්ඩාරනායක මවතේ සිට රන්මුතුගල ගම්මානය යාකෙරෙන අඩි 12 මාර්ගය නීති විරෝධී කටයුත්තක් සිදු කිරීම සහ එම මාර්ගය තුළ කිසිදු නීති විරෝධීගොඩනැගිල්ලක් ඉදිකිරීම වලක්වාලන අතුරු ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් 01 සිට 03 දක්වා වගඋත්තරකරුවන්ට සහ ඔවුන් යටතේ බලය පැවරූ අයට පෙත්සමේ අභියාචනයේ (ඇ) ඡේදයේ සඳහන් පරිදි  නිකුත් කරමි ” යනුවෙන් ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් නිකුත්කර තිබියදී අලගියවන්න අමාත්‍යවරයා හා ඔහුගේ සහයකයින් කටයුතු කරමි සිටින බව වාර්තා වේ.

ඊට අදාළ තහනම් අතුරු නියෝගය මෙහි දැක්වේ.

දැන් නීතිපති ඉන්නෙ අධිකරණයට උඩින්ද ?

කෙසේවුවද මේ නියෝගය නිකුත් කර තිබියදී අදාළ මාර්ගයේ පස් කපා ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කර විට පොලිසිය කියා ඇත්තේ පොලිස් ස්ථානයට නීතිපතිවරයා විසින් අදාළ කටයුතු කිරීමට අවසර ලබාදෙමින් ලිපියක් නිකුත් කර ඇති බවයි.

අධිකරණ තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා පොලිසියට ලිපියක් ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳව නීති විශාරදයින් තුෂ්නිම්භූතව සිටින බවද ප්‍රදෙශවාසියෙක් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

නියෝගයෙන් පසුව පාරේ පස් කපා ඇති අයුරු

ගොවීන්ගේ ඉඩම් රෑට රූට රෑට රෑට ලියා ගැනීම

"සුව උයන" නම් රජයේ ව්‍යාපෘතියට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහයෙන් ඔහුගේ ආධාරකරුවකු වන ජයන්ත ප්‍රේමලාල් කුමාර නැමැත්තා ලබාදී ඇති ඉඩම්වල මුල් හිමිකරු වන් වන්නේ එම රන්මුතුගල ගමේ ගොවින් බවත් වර්තමානයේ ගොඩකර වැවක් හා සුව උයනක් සාදන ප්‍රදේශය මීට පෙර ගොවීන් කන්න දෙකම වී ගොවිතැන් කළ ප්‍රදේශයක් බව වාර්තා වේ.

අගලගියවන්න මහතා සහ ඔහුගේ ගෝලයා එක්ව අදාල ගොවීන් බියවද්දමින් රෑට රෑට ඔවුන්ව නීතිඥයින් ළඥට රැගෙනගොස් රුපියල් 5000 වැනි සුළු මුදල් ප්‍රමාණයන්ට මේ ඉඩම් ලියාගෙන ඇති බව පැවසේ.

වර්තමානයේ මේ ඉඩමේ හිමිකරු බව කියන ජයන්ත ප්‍රේමලාල් මුලින් වෑද්දුම්කරුවෙකු බවත් පසුව ඔහු වර්තමානයේ ගුවන් තොටුපළේ රියදුරෙකු ලෙස සේවය කරන බවත් පැවසේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මේ ඉඩමේ සැබෑ හිමිකරුවන්නේ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා බවයි.

ජයන්ත විමල්ගෙත් ගෝලයෙක්

ජයන්ත ප්‍රේමලාල් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කිට්ටුම හිතවතෙකු බවත්, වීරවංශ මහතා සිදුකළ මෙගා පොලවල් වල කොන්ත්‍රාත් බොහොමයක් සිදුකරනු ලැබුවේ මොහුවිසින් බවත් පැවසේ.

දැනට රියදුරෙකු වන මොහු මේවන විට අති සුඛෝපභෝගී මෝටර් රථ පරිහරණය කරනු ලබන කුමාර ලීලාවෙන් සිටින්නකු බවද ප්‍රදේශවාසීහු කියති.

ලසන්තගේ වෛරය

අමාත්‍යවරයා කලක පටන් බණ්ඩාරනායකවරුන් සමග දැඩි වෛරයකින් පසුවන බවත්, ඒ රන්මුතුගල ගමේ වැසියන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ කාලයේ සිය බණ්ඩාරනායකවරුන්ට සහයදුන් පිරිසක් බවත්, ඔවුන්ව අපහසුතාවයට ලක්කර බණ්ඩාරනායකවරුන්ට දැන් කළ හැකි දෙයක් නැති බව පෙන්වීමේ යටි අරමුණක්ද මෙහි ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ජනපති මෛත්‍රී විවෘත කරන්න එයි !

මේ කිසිවක් නොදන්නා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන පෙබරවාරි 06 වැනිදා එය විවෘත කිරීමට එන බවද ප්‍රදේශවාසියෙක් සඳහන් කළේය.

මේ ඉඩම සම්බන්ධයෙන් මේවන විට ගම්පහ අධිකරණයේ නඩු හතරක් විභාගවන අතර මහර මහේස්ත්‍රාත් අධිකරණයේ එක් නඩුවක් විභාගවෙමින් පවතී.

අදාළ පාර මුලින් තිබුණු ආකාරය පහත දැක්වේ

Doc003


( ජායාරූපයේ දැක්වෙන පාරේ වම්පස ඇති විදුලි කණු පාර සංවර්ධනය කිරීමට යැයි කියමින් පාරේ අනෙක් පසට (දකුණු පසට) යොමු කිරීමෙන් පසුව අදාළ පාර අල්ලාගෙන ඇති බව වාර්තා වේ.)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top