Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 27, 2017

බැඳුම්කර: ජනාධිපති කොමිසම නම් කෙරේ

වත්මන් ආණ්ඩුවේ මුල් මාස කිහිපය ඇතුලත මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම පිණිස පත්කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම නම් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත්‍රී චිත්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම කොමිසමේ සාමාජිකයන් වශයෙන් පත්කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මාස තුනක් ඇතුලත කොමිසමේ පරීක්ෂණ අවසන් කොට වාර්තාව භාරදීමට නියමිත බව ආණ්ඩුව පවසයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති පදවිය දැරූ සමයේ ඔහුගේ බෑණාවන අර්ජුන් ඇලෝසියස් මහතා සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට බැඳුම්කර නිකුත්කිරීම මගින් බරපතල වංචාවක් සිදු වූ බවට චෝදනා එල්ල වී තිබේ.

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවද වෙන වෙනම පරීක්ෂණ පවත්වා වාර්තා නිකුත් කළහ.


(සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top