nsb

Jan 27, 2017

රංජන්, රජයේ නිලධාරිනියකට තග දමයි (වීඩියෝ)

රටේ පරිපාලන සේවයේ පලමු පන්තියේ නිලධාරිනියක වන දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරියට මහජන නියෝජිතයෙකු මෙන්ම වර්තමාන යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයකු වන රන්ජන් රාමනායක මහතා විසින් ප්‍රසිද්ධියේ දුරකතනය මගින් බැන වැදි තිබේ.

රන්ජන් රාමනායක ඇමතිවරයා මෙසේ රටේ සාමාන්‍ය නිතිය ක්‍රියාත්මක කිරීම අදාළ අංශ වලින් ක්‍රියාත්මක නොකොට තමන් අතට ගැනිමට විරුද්ධවත් එම සිද්ධිය හෙලා දැකිමටත් සමස්ථ ලංකා පරිපාලන නිලධාරින් විසින් ඉදිරිදින කිහිපය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

දේශපාලන බලධාරීන්ගෙන් නිරන්තරයෙන් එල්ලවන මෙවැනි දේශපාලන අත පෙවිම නතර කොට රාජ්‍ය නිලධාරින්ට ස්වාධීනව තම රාජකාරි කිරීමට අවස්ථාව රජය විසින් ලබාදීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුවට දැන්වීමට අවශ්‍ය කටයුතු කරමින් පවතින බව වාර්තා වී ඇත.

රාජපක්ෂ පාලන සමයේදී මෙවෙනි අවස්ථාවකට මුහුණ දුන්නේ කැලණිය ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරියෙකි. එවකට අමාත්‍යවයෙකුව සිටි මර්වින් සිල්වා ඇමතිවරයා විසින් ඔහුගේ නියෝගයක් නොපිලිපැදි සමෘද්ධි නිලධාරියෙකු ජනතාව ඉදිරියේ ගස් බැන්දේය.


විඩියෝව මෙතනින්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top