Jan 28, 2017

කෝටි 1 1/2 ක්‌ පාඩු කළ ඖෂධ සමාගම කට්ටිපනි !

වීදුරු කැබලි සහිත වෙරෝපෙනම් නමැති ප්‍රතිජීවක ඖෂධය මෙරටට ගෙන්වා රුපියල් එක්‌ කෝටි හැට ලක්‍ෂයකට අධික පාඩුවක්‌ කළ පෞද්ගලික සමාගම එම පාඩුව රජයට මෙතෙක්‌ ගෙවා නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

පසුගිය වසරේදී (2016) ඉන්දියාවෙන් අදාළ ඖෂධය නික්‍ෂේපන කුප්පි 65000 ක්‌ ලෙස මෙරටට ගෙන්වා ඇති අතර ඉන් කුප්පි 31000 ක්‌ ගාල්ල කරාපිටිය රෝහලට යවා ඇත.

එහිදී එම කුප්පි තුළ වීදුරු කැබැලි ඇති බවට හඳුනාගෙන ඖෂධය භාවිත කිරීම වහා නවතා තිබේ.

එම ඖෂධ ගෙන්වීම නිසා රජයට සිදුවූ පාඩුව මුදලින් ගෙවන ලෙස හෝ පිරිසිදු ඖෂධ තොගයක්‌ නැවත ලබා දෙන ලෙස එම සමාගමට ඖෂධ අධිකාරිය, ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව දන්වා ලිපි යෑව්වද, මෙතෙක්‌ එම සමාගම එය ඉටු කර නැතැයි එම ප්‍රකාශකයා කීය.

මෙම සමාගම මහරගම පිළිකා රෝහලෙන් ඖෂධ වර්ගයක්‌ සොරකම් කොට හසු වී ඇති අතර එම වරදට එහි ප්‍රධානියකු මාස කිහිපයක සිරදඬුවම් ද විඳ ඇතැයි ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top