15976 BM WEB BANNER 01
Jan 28, 2017

රතන හිමි මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සැරසේ ! Featured

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්නේ ද ? නැද්ද ? යන කාරණය සම්බන්ධයෙන් නිශ්චිත තීරණය ගැනීම සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් තම හිතවතුන් පිරිසක් අද දිනයේ කැඳවා ඇතැයි වාර්තාවේ.

එමෙන්ම ඉදිරියේදී ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව පැවසේ.

පක්ෂ මධ්‍යම කාරක සභාවේ තවදුරටත් කටයුතු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සහ මන්ත්‍රී ධුරය පිළිබඳ කුමන තීරණයක් ගන්නේදැයි කඩිනමින් දැනුම් දෙන ලෙස ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් අතුරලියේ රතන හිමියන්ට මේවනවිට ලිඛිතව දැනුම් දී ඇත.

කොළඹ ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ සම සභාපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් කියා සිටියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන්නේ නම් හෙළ උරුමයෙන් ඉවත් වන බවට උන්වහන්සේ පක්ෂයට පොරොන්දුවක් ලබා දි තිබූ බවයි.

දෙරණ විශේෂ වැඩසටහනක් :

මෙම තත්වය තුල අද පැවැත්වෙන සාකච්ජාවෙන් අනතුරුව, තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය කළ ප්‍රකාශය පිළිබඳ පිළිතුරු දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එකඟත්වය පළකර ඇතැයි 'දෙරණ' රුපවාහිනී නාලිකාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එහිදී සිය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සහ පැන නැගි ඇති කරුණු පිළිබඳ සවිස්තර ප්‍රකාශයක් සිදු කිරීමට උන්වහන්සේ සුදානමින් සිටින බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top