15976 BM WEB BANNER 01
Jan 28, 2017

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ගිණුමේ සල්ලි නෑ ? Featured

මහත් ආන්දෝලනයකට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් (Perpetual Treasuries) සමාගමට අයත් ගිණුම් තාවකාලිකව අත්හිටුවා තිබුණද ඒවායේ මුදල් තිබේද යන්න පිළිබඳව සැක මතුව ඇති බව වාර්තා වේ.

එම සමගම 2016 අප්‍රේල් 01 සිට 2016 සැප්තැම්බර් 31 දක්වා කාලයේදී ඉපැයූ ශුද්ධ ලාභය රුපියල් මිලියන 6815ක් බව පැවසෙන අතර ඔවුන් සමස්ථයක් ලෙස බැඳුම්කර ගනුදෙනුවලින් මාස 21 ක් තුළ උපයාගත් ලාභය මිලියන 13,000 ක් බව පැවසේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සෘජුවම රජයේ වත්මකම් මිලදීගත හැකි සමාගමක් (primary dealer) බැවින් ඔවුන් ඉපැයූ ලාභය ගිනුම්වල තබා ගැනීම ප්‍රායෝගිකව සිදුවන්නක් නොවන බව මුල්‍ය විශේෂඥ මතය වේ.

සල්ලි ඕන නම් පර්පෙචුවල් ට්‍රෙෂරීස් නිශ්චල හා චංචල දේපල තහනම් කරන්න

ඒ අනුව අදාළ මුදල් ඔවුන් විසින් මේවන විටද, ඔවුන් බැඳුම්කරවල මෙන්ම වෙනත් සමාගම්වල අයෝජනය කර ඇති බව පෙන්වාදෙන මූල්‍ය විශේෂඥයන් පවසන්නේ මහ බැංකුවට හා සේවක අර්ථසාධක අරමුදලට සිදුව ඇති පාඩු පියවාගන්නේ නම් සිදුකලයුතුවන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් (Perpetual Treasuries) සමාගම සතු නිශ්චල හා චංචල දේපල තහනම් කිරීම බවයි.

එම සමාගමේ හිමිකරු බව කියන අර්ජුන ඇලෝසියස් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් කොළඹ 07, Racecourse Buildingහි පවත්වාගෙන ගිය ශරීර සුවතා ව්‍යායාම් මධ්‍යස්ථානය (Gym) එක මිලදී ගෙන ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි.

එසේම, මාධ්‍ය ආයතනයක් සඳහා ද අදාළ සමාගම මුදල් යොදවා ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්කයි මීඩියා ලෙස ක්‍රියාත්මක වන සිත එෆ්.එම්. (පෙර සිංහ එෆ්.එම්.), තමිල් එෆ්.එම්. හා රෙඩ් එෆ්.එම්. සමාගම සඳහා මෙසේ මුදල් ආයෝජනය කර ඇති බව එහි දක්වා තිබිණි.

කෙසේවුවද, මේ පිළිබඳව ස්කයි මීඩියා සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන නිලංග හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසීමේ දී ඔහු එවැනි කිසිම ගිවිසුමක් තමන් කිසිවකුත් සමඟ ඇති කරගෙන නොමැති බවත් සිය මාධ්‍ය ජාලය වෙනුවෙන් මෑතක දී 35 කට ආසන්න පිරිසක් අලුතින් සේවයට බඳවා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි කතාවක් නිර්මාණය වී ඇති බව සඳහන්කර තිබේ.

මීට අමතරව සියත සහ තවත් පෞද්ගලික විද්‍යුත් නාලිකා කිහිපයක කොටස් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවත් වාර්තා කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top