Jan 28, 2017

රන්ජන්ට එරෙහිව රජයේ නිලධාරීන් සටනට

එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයකු වන රන්ජන් රාමනායක මහතා විසින් ප්‍රසිද්ධියේ දුරකතනය මගින් රටේ පරිපාලන සේවයේ පලමු පන්තියේ නිලධාරියෙකුට මෙන්ම කාන්තාවක් වන දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරියට ඉකුත් 26 වෙනිදා ප්‍රසිද්ධියේ බැන වදිමින් අපහාස කිරීමට විරෝධය පලකරමින් ගම්පහ දිස්ත්‍රික් පරිපාලන සේවා සංගමය 30 වෙනිදා එනම් ලබන සඳුදා රාජකාරියෙන් බැහැරව සිටීමට තීරණය කොට ඇත.

රන්ජන් රාමනායක ඇමතිවරයා එම ද්වේශ සහගත ප්‍රකාශය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කර ගන්නා ලෙස එමගින් බලාපොරොත්තුවන බව පරිපාලන සේවා සංගමය කියයි.

එමෙන්ම රජයේ වගකිවයුතු නිලධාරිනියක් මෙන්ම කාන්තාවකට ද්වේශ සහගත ලෙස මෙසේ බැන වැදිම සම්බන්ධව සමස්ථ රාජ්‍ය සේවයේම නිලධාරින් මහත්සේ කලකිරිමට පත්ව ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති, රන්ජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

සුළු සිද්ධියක් – රාජ්‍ය පරිපාලන ඇමති

කෙසේවුවද, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට ‘හොම්බට අනිනවා.. හෙන ගහනවා’ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් පැවසීම සුළු සිද්ධියක් බවත් එවන් සුළු වැරදි හදාගෙන ඉදිරියට වන බවත් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

නවක මන්ත්‍රීවරුන් රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කල යුත්තේ කෙසේදැයි වැඩමුළුවක් ඉදිරියේදී පවත්වන බවත් ඔහු කියා සිටියේය.


ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපතගේ නිවේදනය පහත පළවේ

ranjan paripalana
සබැඳි පුවත්

රංජන්, රජයේ නිලධාරිනියකට තග දමයි (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top