nsb

Jan 29, 2017

හයිඩ්‍රෝපවර් මාෆියාවෙන් තෙත් බිම් ඉවරයි ! Featured

කුඩා විදුලි බලාගාර හේතුවෙන් දිනෙන් දිනම සිදුවන පරිසර හානිය ඉහල ගොස් ඇති බව පරිසිරවේදීහු කියති.

ඔවුන් පෙන්වාදෙන්නේ ලංකාවේ දිය ඇලි, ගංගා හා දොළ 200 කට අධික ප්‍රමාණයක් පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාර මුදලාලිලා විසින් විනාශ කර ඇති බවයි.

කිලෝමීටර දහසක පමණ ගංගා හා දොළ මේ වන විටත් කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම නිසා වියලී ගොස් ඇතැයිද ඔවුන් පෙන්වාදෙති.


හයිඩ්‍රෝ පවර් මාෆියාව ඇරඹුවේ පවිත්‍රයි


පරිසර සහ සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

"කුඩා ජල විදුලි බලාගාර 150ක් පමණ හදන්න හිටපු විදුලි බල සහ බලශක්ති ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සමයේ වාර්තාවක් හැදුවා. ඒ යටතේ සමාගම් 76ට විදුලි බලාගාර හදන්න අවසර දුන්නා. කිසිම පරිසර වාර්තාවක් සිදුනොකර කිසිදු නීතිමය අවසරයකින් තොරව ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් එම සමාගම්වලට අවසර ලබාදීලා තියෙනවා. මේක නිසා ලංකාවේ ගංගා ඇළ දොළ 103ට ආසන්න ප්‍රමාණයකට තර්ජන එල්ල වෙලා . මේ නිසා ඒ ප්‍රදේශවල ජනතාවට බිමට පවා දිය පොදක් නොමැතිව ඒ මිනිස්සු සුසුම් හෙළනවා. විකල්ප බලශක්ති ලෙස උදම් රළ, සුළඟ, හිරු එළිය ප‍්‍රයෝජනයට ගෙන බලශක්තිය නිපදවා ගැනීමට හැකියාව තිබියදී ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකර විදුලි අර්බුදය පාරිසරික හා ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය කිරීමට පියවර ගනිමින් ඉන්නවා. මේ ඇළ දොළ ගංගාවල ඉන්න ජීවි විශේෂ විනාස වෙමින් යනවා. “

සභාපති දූෂිතයි - ඡනපති නිඬයි

මේ අතර පරිසරවේදීන් කියා සිටින්නේ මේ විනාශය නොදැනුනා සේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සිටින්නේ ඔහු සදූෂිතයකු බැවින් බවයි.


පසුගිය 25 වැනිදා මේ සම්බන්ධයෙන් පරිසර සංවිධාන කිහිපයක් විරෝධය දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට විරෝධතාවක්ද පවත්වනු ලැබීය.

එහිදී පරිසර වේදියකු මෙසේ කීය. (වීඩියෝව)

පරිසර ඇමති හා ජනාධිපතිතුමා දැනුවත් කර ඇතත් ඊට නිසි පියවර මෙතෙක් ගෙන නැතැයිද ඔවුහු කියති.

මෙම පෞද්ගලික බලාගාරයකින් උත්පාදනය කරන මෙගා වොට් 1කට (1 MW) අඩු විදුලිය ලංකාවේ සමස්ත විදුලි බල උත්පාදනය වන මෙගා වොට් 4200 (4200 MW) ට සාපේක්ශව 0.024% ටත් අඩු අගයක් බවද පැවසේ.

සියලු දිය ඇලි, ගංගා හා දොළ විනාශ කර මේ සඳහා යොදා ගත්තත් නිපදවිය හැකි විදුලිය 2025 විදුලි අවශ්‍යතාවයෙන් 5% කටත් අඩු ප්‍රමාණයක් බවද පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top