15976 BM WEB BANNER 01
Jan 30, 2017

වසර තුනක උපාධි පාඨමාලාවකට ගෝඨා චීනයට ! Featured

දේශපාලනය පිළිබඳව විශේෂ හැදෑරීමක් සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා චීන විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

වසර තුනක මෙම උපාධි පාඨමාලාව සඳහා ඔහුට ආරධනා කර ඇත්තේ චීන රජය විසින් බවත්, ඊට අදාල කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ 'පාත් ෆයින්ඩර්' නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

'පාත් ෆයින්ඩර්' ආයතනය චීනයේ CICIR (China Institutes of ontemporary International Relations) ආයතනය සමඟ අවබෝධතාවකට එළඹෙමින් මෙරට දේශපාලනය කළමනාකරණය කිරීමේ මෙහෙයුමකට සම්බන්ධව සිටියි.

චීනයේ CICIR ආයතනය චීනයේ විදේශ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් වඩාත්ම බලපෑම්සහගත ආයතනයක් ලෙස සැලකෙන අතර චීන පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බුද්ධි මණ්ඩලයකි.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය හා රාජපක්ෂ පවුලේ ඇතැමුන් ගෙන් එල්ලවී ඇති කෙනෙහිලිකම් පිළිබඳව ගොඨභය රාජපක්ෂ මහතා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටීම සැලකිල්ලට ගනිමින් මිලින්ද මොරගොඩ මහතා හා මාධ්‍ය ආයතන ප්‍රධානියකු විසින් මෙම ආචාර්ය උපාධි පාඨමාලාව පිලිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇතැයි පැවසේ.


සබැඳි පුවත්

මහින්ද ගෙන් ගෝඨාට කැපිල්ලක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top