Jan 30, 2017

මහජන මුදලින් ටාටා ලාභ සංවර්ධන කිරීම Featured

ඉකුත් ජනවාරි 27 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගැසට් නිවේදනයෙන් හෙළි කළ කොම්පඤ්ඤවීදියේ අක්කර 08 ක ඉඩමක සිදුකරන යෝධ මහල් වෙළඳ හා විනෝද සංකීර්ණයෙන් ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ද එහි සංවර්ධන ලාභ ඇත්තේ ටාටා සමාගමට බව ද ශිෂ්ටලංකා2015 නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

“ඉන්දියානු ටාටා සමාගමට ලබා දෙන සියලූ ආකාරයේ බදු විරාම, බදු සහන අවුරුදු 08 සිට 10 දක්වා කාලයකට ක්‍රියාත්මක වනවා පමණක් නොව, ඒ වෙනුවෙන් ආනයනය කරන සියල්ලද බදු සහන සහිතය. එහි සේවයට ගන්නා විදේශ උපදේශකයින්ගේ වැටුප් දීමනා ආදියද බද්දෙන් නිදහස්ය. ඔවුන්ගේ ව්‍යාපෘති ඉදිකිරීම් අවසන් කර සංකීර්ණය ක්‍රියාත්මක කිරීමටද අවුරුදු 08 ක කාලයක් ඒ සියලූ වාසි සමගින් ලබා දී ඇත. රටේ ජනතාවගේ මුදලින් එවැනි ව්‍යාපාරිකයන්ට එළෙස කෝටි ගණන් සහන ලබාදීමෙන් රටේ ජනතාවට ලැබෙන වාසියක් නැත.”

මේකත් රාජපක්ෂලාගේ වැඩක්

මෙම ව්‍යාපෘතිය ද මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටි සමයේ ගෙන එන ලද්දක් බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වන අතර එය ඔහු පරාජයට පත් කිරීමට පෙර මේ සඳහා කැබිනට් අනුමැතියද ලැබී තිබූ බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය අධීක්ෂණයට යැයි කියමින් අදාළ ව්‍යාපෘතිය කෙටි කාලීනව නවතා තබා එයට නැවත අනුමැතිය දී ඇත්තේ රාජපක්ෂ රෙජීමය විසින් ද ලබා නොදුන් තරමේ වරප්‍රසාද සමගින් බවද පැවසේ.

ශිෂ්ටලංකා2015 නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Statement

Statement.Alternate Development Necessity 2

Statement.Alternate Development Necessity 31

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top