nsb

Jan 30, 2017

හැරිසන්ගේ වී මගඩි පොළොන්නරුවෙන් එළිවෙයි Featured

හාල් මිල අඩු නොවන්නේ රජය සතු වී තොග ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතාගේ තැරැව්කාරයින්ට දුන් නිසා යැයි පොළොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ  සභාපති මුදිත් පෙරේරා කියා සිටියි.

පොළොන්නරුවේ වී අලෙවි මණ්ඩලය සතු වී තොග නිකුත් කිරීමේදී තම සංගමයේ මෝල් හිමියන් 52කගේ නාම ලේඛනයක් ලබා දුන්නත් ඒ කිසිවෙකුට වී තොග නොලැබුණ බවත් ඔහු පැවසීය.

අදාළ වී තොග ලබාගත්තේ හැරිසන් ඇමැතිතුමා විසින් නිර්දේශ කල මෝල් හිමියන් 22ක් සදහා බවද මුදිත මහතා සඳහන් කළේය.

ඔවුන් කිසිවකු ක්‍රියාකාරී මට්ටටේ වී මොල් හිමියන් නොවන බවත් වී තොග ලබාගත් අය අමාත්‍යවරයාගේද, වී අලෙවි මංඩලයේ සභාපතිගේ සහ පොලොන්නරුව කලාප කළමනාකරුගේ තැරැව්කරුවන් බවට ඔහු චෝදනා කර සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
 
“අනික තමයි ඉතිහාසයේ කවදාවත් නොවු ලෙස වී අලෙවි මංඩලයේ සතු වී තොග වෙළදපොලට නිකුත් කර තිබියදි සහල් මිළ ඉහල ගිය පලමු අවශ්ථාව තමයි මේක. එහෙම වුනේ මේ වී දුන්නේ මොල් තියෙන අයට නොවෙන නිසයි.”

වී කිලෝ එකකින් රුපියලක් ඇමතිට - මුදිත්

PIX 02 M 2“ අපි වී අලෙවි මංඩලයට රටේ පවතින වී මිල පිළිබද  දැනුම් දුන්නා නමුත් වී අලෙවි මංඩලය කලේ ඔවුන් ගාව තිබුණ වී නාඩු කිලෝ 1ක්  රුපියල් 43 - 44ත් සම්බා කිලෝ 1ක් රුපියල් 46 - 47ක් යන මිලකට දුන්නා. මේ මිළට ගත් ගත් තැරැව්කරුවෝ විවෘත වෙළදපොළෙ  අද වී කිලෝ 1ක් රුපියල් 53 - 54ත් මිලක් වෙනවා.විවෘත වෙළදපොලේ වී මිලයි රජයේ වී මිලයි අතර පරතරය රුපියල් 10-12ක් විතර. ඒ නිසා වී කිලෝ එකකින්  රුපියල් 10ක් අඩු මිළට රජයෙන් ලබා දුන් වී තොග වෙනත් මෝල්හිමියන්ට මේ තැරැව් කරුවෝ රුපියල් 10ක් තියාගෙන විකුණනවා.ඒ රුපියල් 10න් රුපියලක කොමිස් මුදලක්  ග්‍රාමිය ආර්ථික සංවර්ධන කටයුතු පි හැරිසන් ඇමැතිටත් වි අලෙවි මංඩලයේ සභාපතිටත් සහ පොළොන්නරුවෙ කලාප කළමනාකරු වෙත ලබා දෙන පොරොන්දුව පිට තමයි මේ රජය සතු වී තොග හිතවත් තැරැව්කරුවන්ට ලබා දුන්නේ. රජයේ වී තොග ගත්තු අයට වී මිටි 300ක් කොටන්න  දවස් කිපයක් යනවා. එහෙම කලාට ලොකු ලාභයක් නෑ. ඒ නිසා වී මිටි 300  වෙනත්  මෝල්හිමියන්ට විවෘත වෙළදපොලේ මිළට විකුණපුවාම රුපියල් ලක්ෂ එකහාමාරක්  ලැබෙනවා.”

වී අලෙවි මංඩලයේ සභාපති එම්.බී. දිසානායක මහතා අප දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

 

කොමිස් ගත්තෙ නෑ - පොළොන්නරුව කලාප කළමනාකරු

PIX 01 Mපසුව වී අලෙවි මංඩලයේ පොළොන්නරුව කලාප කළමනාකරු ඒ.ජී. නිමල් ඒකනායක මහතාගෙක් කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.

“ නාම ලේඛනයට පිට කිසිදු මෝලහිමියෙකුට වී නිකුත් කරලා නෑ. ඒ වාගේම තමයි තව පොළොන්නරුවෙ වී මෙට්ට්‍රික් ටොන් 36 000ක් තියෙනවා. ඉදිරියෙදි නොලැබුණා කියන කුඩා වී මොල් හිමියන්ට ඒ වී ලබා දීමට ඉහළ නිලධාරින්ගේ අනුමැතිය ඉදිරි දිනයක දි ලැබීමට නියමිතයි. ඒ අනුමැතිය ලැබුණු විගස ඒ අයටත් වී නිකුත් කරනවා. කොමිස් මුදල් පිළිබද මම දන්නෙත් නෑ. මමවත් අපේ ඉහළ නිලධාරින් කවුරුත් එහෙම දෙවල් ගන්නේ නෑ. අපේ වගකීම තමයි රටේ සහල් මිළ ඉහල යාමේදි පාරිභොගික ජනතාව එයින් මුදවා ගැනීමට කටයුතු කරන එක. කොමිස් කතා අපි දන්නේ නෑ.”

සටහන හා ඡායාරූප - ඩබ්ලිව්.ඒ. පියතිලක

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top