Jan 31, 2017

සයිටම් උපාධියේ අවුලක් නෑ

මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය විසින් අද (31දා) තීන්දු කර තිබේ.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකු ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයිරාජා මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදුන්නේය.

තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා කියා සිටියේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවයි.

එසේම උපාධිය පිළිගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය  සභාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණය, සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගන්නා සිසුන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ද නියෝග කරන ලදී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top