Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 31, 2017

නැවුම් කතිකාවක් සඳහා “ශිෂ්ටලංකා” එළිදකී

ශිෂ්ට ලංකාවක් උදෙසා සිහින දකින ලාංකිකයන් වෙනුවෙන් “ශිෂ්ටලංකා” නමින් මාසික සඟරාවක් එළිදැක්වීමට සූදානම් කර තිබේ.

වසර 2017 පෙබරවාරි මස නිදහස සැමරුම වෙනුවෙන් වෙන් කර ඇති “ශිෂ්ටලංකා” මංගල කලාපය, ඒ වෙනුවෙන් පෙබරවාරි 02 දා එළිදකිනු ඇත.

සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්හි නියමුවන්, මත හසුරුවන්නන් හා මත දරණවුන්  මේ ව්‍යායාමයට හවුල්ව සිටිති. ඔවුන් “ශිෂ්ටලංකා” සඟරාවේ පෙනුම, මතවාදී අන්තර්ගතය මෙන්ම එහි ලිපි අඩංගුව සැකසීමටද හවුල් වේ.

“ශිෂ්ටලංකා” මාසිකය වර්ණවත් පිට කවරයකින් සහ පිටු 44 කින් සමන්විතය.  විශ්ව විද්‍යාල ඇදුරන්, වෘත්තිකයින්, පරිපාලකයින්, මත හසුරුවන්නන්, කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන් වැනි බුද්ධිමය රසයක් සොයන දැනුම් පිපාසයක් ඇති සමාජ ස්ථර ඔස්සේ බෙදා හැරෙනු ඇති අතර සෑම ප්‍රධාන නගරයකම අලෙවි කෙරෙනු  ඇත.  

නියත වශයෙන්ම “ශිෂ්ටලංකා” මාසිකය, සමාජය සකසන්නන්ගේ සංවාද මණ්ඩපයක් ලෙස වැදගත් පිරිසක් ගොනු කරනු ඇති බවත් එනිසාම එම සඟරාව කියවන්නවුන් ඔබටද වැදගත් වනු ඇති බව “ශිෂ්ටලංකා” කණ්ඩායම සදහන් කර සිටියි

“ශිෂ්ටලංකා” මාසිකය පාඨකයින්ගේ සමාජ වගකීමට උර දෙන්නක් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කර සිටියි.

Shishtalanka Cover1

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top