15976 BM WEB BANNER 01
Feb 01, 2017

අතුරුදන්වූ 'මෑන්පවර්' සේවකයා ඉංගිරියෙන් හමුවේ

තුන් දවසක් තිස්සේ ආගිය අතක් නොමැති සිටි සමස්ත ලංකා විදුලි සංදේශ කම්කරුවන්ගේ සේවක සංගමයේ උප සභාපති එම්.එස්. මංගල නැමැත්තා අද (01) ඉංගිරිය නගරයේදී හමුව ඇත.

Sujeewa Mangala Telecomනාදුනන පිරිසක් වැන් රථයකින් පැමිණ මොහුව මහමග දමාගොස් ඇතැයි වාර්තාවේ.

නිවසට එන බව දන්වා ඉරිදා අළුයම් කාලයේදී කොළඹ සිට පිටත් වූ එම් සුජීව මංගල පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඔහුගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබිණ.

ජනවාරි 29 වැනිදා අළුයම 1ට පමණ සිය යතුරු පැදියෙන් කොළඹ සිට පිටත් වූ ඔහු පැයකින් පමණ පන්නිපිටිය, පැලැන්වත්තේ නිවසට ළඟා වනු ඇතැයි දුරකථන ඇමතුමක් මගින් දන්වා සිටි බව ඔහුගේ බිරිඳ වන වසන්ති දේවිකා විසින් කරන ලද පැමිණිල්ලේ (CIB (2) 398/542) සඳහන් වේ.

ටෙලිකොම් සමිති නායක සුජීව මංගලගේ අතුරුදහන්වීමට හේතුව කුමක්දැයි “තමන්ටත් හිතාගැනීමට නොහැකි” බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ට ඊයේ (31) පවසා තිබිණ.

තාවකාලික පදනමින් වසර 7ක් :

සිය රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක නිරතව සිටින ටෙලිකොම් මිනිස් බල කම්කරුවෝ කොළඹ ටෙලිකොම් මූලස්ථානය අසළ දෙසැම්බර් 26 වැනිදා සිට අඛණ්ඩ ස්‍යග්‍රහය විරෝධතාවක නිරතව සිටිති.

 SLT හ්‍යුමන් කැපිටල් සොලුයුෂන් පුද්ගලික සමාගම හා ඇක්සස් නෙට්වර්ක් ප්ලෑනින් සමාගමට අනුයුක්ත විරෝධතාවයේ නියුතු සේවකයන් 2100 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් වසර 7කට වැඩි කලක් තාවකාලික පදනමින් ටෙලිකොම් ආයතනය විසින් සේවයේ යොදවාගෙන තිබේ.


සබැඳි පුවත් :

සටනේ නිරත ටෙලිකොම් වෘත්තීය සමිති නායකයා මහ රෑ අතුරුදහන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top